
(ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙරටම රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයාගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී අත් බෝම්බයක් සහ අධිබලැති පුපුරන කුඩු ග්‍රෑම් 310 ක් සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඉකුත් 29 දා මෙම සැකකරු ඩුබායි සිට මෙරටට රැගෙන ආහ.
මතුගම ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට සහ අපරාධ ගනනාවකට මෙම සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, ඒගමන්ම ආයුධ හොයාගන්න ගිහිල්ලා පැනලා යන්න හදන නාට්‍ය රඟපෑවා නම් මෙයාගේ කේස් එකට කාලේ නාස්ති කරන්න ඕනෑ නැහැ. ඔයවගේ පාතාලයින්ට හරිම දඬුවම ඒකයි. නැතිනම් මොවුන්ට ඇප ලැබුණා නම් ආයිත් මිනීමරලා රට පනිනවා.
මම මෙතන බලන්නේ මාතෘකාව විතරයි... එතරින් ගෙනා සැකකරුගේ නිවස පිටුපසින් කිව්වම (සැකකරු එතරින් නිවසක් ගෙනාවාද කියලා එක් තේරුමක්) අනෙක එතරින් සැකකරු ගෙනාවාද කියලා තවත් ගැටළුවක් වෙනවා.. සාමාන්‍යයෙන් වාක්‍යයක් ලියද්දි විරාම ලකුණක් යොදන්නේ එහෙම ගැටලු නොවෙන්න තමයි. මේ වාක්‍ය ලියද්දි සැකකරුගේ යන්නට පස්සේ කොමාවක් යෙදුවා නම් හොඳයි නේද මම උදාහරණයක් කියන්නම් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන කාලයේ ඉහළින් පණිවිඩයක් එනතුරු බලාසිටින තත්වයක් තියෙනවා කියලා අහලා තියෙනවා ඉතින් සැකකරු බේරන්න කියලා මෙහෙම පණිවුඩයක් එනවා මරන්න එපා බේරන්න කියලා... මෙහි කොමාව බේරන්න වචනය මුලින් යෙදුනොත් බේරෙනවා. ඒත් එපා වචනය මුලින් යෙදුවොත් මොකද වෙන්නේ විමසිල්ලෙන් සිතන්න....