
(ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙරටම රැගෙන ආ අපරාධ කල්‍ලි සාමාජිකයාගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී අත් බෝම්බයක් සහ අධිබලැති පුපුරන කුඩු ග්‍රෑම් 310 ක් සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඉකුත් 29 දා මෙම සැකකරු ඩුබායි සිට මෙරටට රැගෙන ආහ.
මතුගම ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට සහ අපරාධ ගනනාවකට මෙම සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.