
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය අගෝස්තු මාස සියයට 0.5 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජූලි මාස උද්ධමනය සියයට 2.4 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 0.8 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය ජූලි මාසයේ සියයට 1.5 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ආහාර නොවන කාණ්ඩයේ අගෝස්තු මස උද්ධමනය සියයට 0.4 ක් දක්වා අඩු වී ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය ජූලි මාස සියයට 2.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ අපි කිව්වේ රනිල්ට පුළුවන් කියලා. එන ඡන්දෙදී වෙනස් කරලා අයේ දුකේ වැටෙන්න එපා. රනිල් ජනාධිපති කරමු...!
ඡන්දය කිට්ට්ටු වෙද්දී බඩුමිල පතුලටම ගිහින් සල්ලිවලට කරගන්න දෙයක් නැතිවෙයි කියලා බයෙන් ඉන්නේ!
හීනෙන් වෙන්න ඇති. තවත් ණය අරගෙන ඇති. ඡන්ද ගුණ්ඩුවලට රැවටෙන්න එපා...