
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තා වලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ පිරිසට සිර දඬුවම් විඳින( අච්චු) පුද්ගලයෝ 66 දෙනෙක් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 265 දෙනෙක් ඇතුළත් වෙති.
ඉකුත් වසර වන විට බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් පනස් හයක් බව පැවසූ මහාචාර්යවරයා ඉන් 14952 ක් අපොස උසස් පෙළ සමතුන් බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව සෙසු සිරකරුවන් අතර අපොස සාමාන්‍ය පෙළ සමතුන් 44614 දෙනෙකුද අටවැනි ශ්‍රේණිය සමත් 64684 දෙනෙකුද පහ ශ්‍රේණිය සමත් 34673 දෙනෙකුද 1-5 අතර ශ්‍රේණි සමත් 20188 දෙනෙකුද සිටි බව අතු කෝරළ මහතා කීවේය.
තවද පාසල් නොගිය 5370දෙනෙකුද මෙම පිරිසේ සිටි බව හෙළිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් කිව්වේ එක පාසලක් විවෘත වුණාම සිරගෙවල් ගාණක් වැහෙනවා කියලා. වර්තමාන අධ්‍යාපනය සමඟ ඒක ගලපන්න බෑ. බොහෝ උගතුන් ආකල්ප ඉතාම දුප්පත්... ඒ තත්ත්වය එන්න එන්නම වැඩිවන වගකුයි පෙනෙන්නේ... සමස්ත මනුස්ස වර්ගයාම පිරිහෙමින් පවතිනවා. මෘග සඤ්ඤාව දෙසටයි මේ ගමන් කරන්නේ...
අට ඉබේම පාස් අය උත්තරීතර තැන ඉන්නේ මෙන්න මේ නිසයි. උගත් අය හිරේ... නූගත්තු උත්තරීතරයැයි කියාගන්නා තැන. අවුරුදු 76ක් තිස්සේ අධ්‍යාපනය?
උගතුන් හිර ගෙවල්වල. හොරට ලියලා විභාග පාස්වෙච්චි, අටවත් පාස් නැති අය දියවන්නාවේ... දූෂිත දේශපාලුවන් ඉන්න රටක, නීතිය හරියට ක්‍රියාත්මක කිරිමට නිසි ක්‍රමවේදයක් නැතිකම...