IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අස්කරල කියලා මට කිව්වෙ නෑ

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි මේ වනතෙක් නිල දැනුම් දීමක් කර නැති බව පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

තමා මන්ත්‍රී ධුරයකට සහ යම් මුදලකට විකිණී ඇති බවට විවිධ චෝදනා එල්ල වී ඇති බවත් එම සියලු චෝදනාවලට නුදුරේදී පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.

තමා සහ පවුලේ උදවිය නිරන්තරයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව කී රංගෙ බණ්ඩාර මහතා දරුවන්ගෙන් පළිගනිමින් ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය නොකරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කීය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකදී රංගෙ බණ්ඩාර මහතා අද (30) මේ බව පැවසීය.



අදහස් (10)

අස්කරල කියලා මට කිව්වෙ නෑ

sukitha Friday, 30 August 2024 04:40 PM

එක ආසනේට වැටුණාම ඔබතුමා ගැලපුනත් දැන් තියෙන තත්වයට ගැලපෙන්න ඔබට තේජස් මදි. රනිල් වික්‍රමසිංහ මහතාට ඔබව දැන් මදි...!

:       3       49

Susa Friday, 30 August 2024 05:17 PM

ඔව් දැන් රනිල්ට ආපහු කොළඹ සහ එයින් ඈත් වුනත් ධනවත් ලොකු පවුල් කියන කට්ටිය සෙට් වෙලා. තලතා අතුකෝරල කියන්නෙත් රත්නපුර වුණාට ලොකු පවුලක කෙනෙක්. යූඇන්පී කියන්නේ කොහොමත් ධනවත් අයගේ පක්ෂය.

:       4       69

Prabha Friday, 30 August 2024 05:21 PM

සිලින්ඩර් සීයා දැන් ඡන්දෙ දිනලා වගේ හිතන් ඉන්නේ...!

:       6       52

ජගත් ලියනගේ Friday, 30 August 2024 05:40 PM

ඕකට සිංහලෙන් කියන්නේ "මණ්ඩලේ කචල්" කියලයි...

:       5       32

ජයනාත් Friday, 30 August 2024 07:09 PM

ඔහොම වෙයි කියලා හිතුවේ නැහැ නේද..? තව ඉන්නවා සෙට් එකක් යන්න වෙයි. පරණ අං ඉවත් කරනවා.. අළුත් අඟවල් ගන්න.

:       4       34

chandima Saturday, 31 August 2024 01:05 AM

රනිල් කියන්නේ අනුන් ලවා දරදිය ඇදගෙන වැඩේ හරියාගෙන ඉද්දී පස්ස පැත්තට පයින් ගහලා එළවා දාන කෙනෙක්. රාළහාමිට ඉස්සරහින් තණකොළ මිටිය එල්ලලා තියෙන කල් ඕවා තේරුණේ නැහැ නේද? තිස්ස අත්තනායකට වුණෙත් ඔය ටිකමයි. පරණ පිනකටවත් රාජකීය විදුහලේ ආරක්ෂක වැඩක්වත් කරලා තිබුණා නම් ඔහොම වෙන්නේ නෑ. දැන් ගෙදර කළ පව් දුරුවෙන්න ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න.

:       1       5

malima Saturday, 31 August 2024 02:29 AM

එහෙම නිල දැනුම් දීමක් කරන්නේ සේවයෙන් ඉවත් කළාමනේ රාළහාමි. පස්ස පැත්තට පයින් ගහලා දොට්ට දැම්මාම කල් ඇතුව කිය කිය ඉන්නේ නැහැ. තේරුණා නේද?

:       0       8

Perera Saturday, 31 August 2024 03:09 AM

වැඩ අරගෙන විසිකරන මයිනාගෙ කරපිංචා න්‍යාය...

:       0       6

sam Saturday, 31 August 2024 08:11 AM

ඕක තමයි කියන්නේ කර්මය පඩිසන් දෙනවා කියලා. ඒක මේ ආත්මෙදි වෙන්නත් පුළුවන්. ඔබට මේ ආත්මෙදීම පඩිසන් දීලා. රට, බැංකු, රාජ්‍ය ධනය, හොරාකාපු, කොමිස් ගහපු, මර්දනය කරපු අයටත් ඔය වගේම පඩිසන් දේවි. ස්වභාව ධර්මයට කොලේ වහන්න බැහැ.

:       0       28

රනිල් වික්‍රමසිංහ Saturday, 31 August 2024 06:10 PM

අස් කළා කියලා වෙනම කියන්න ඕනේ නැහැනේ. මම ඔය තට්ටයාගේ කනට දෙකක් ගහලා , එළියට දැම්මා එච්චරයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site