
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි මේ වනතෙක් නිල දැනුම් දීමක් කර නැති බව පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
තමා මන්ත්‍රී ධුරයකට සහ යම් මුදලකට විකිණී ඇති බවට විවිධ චෝදනා එල්ල වී ඇති බවත් එම සියලු චෝදනාවලට නුදුරේදී පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.
තමා සහ පවුලේ උදවිය නිරන්තරයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව කී රංගෙ බණ්ඩාර මහතා දරුවන්ගෙන් පළිගනිමින් ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය නොකරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කීය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකදී රංගෙ බණ්ඩාර මහතා අද (30) මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ආසනේට වැටුණාම ඔබතුමා ගැලපුනත් දැන් තියෙන තත්වයට ගැලපෙන්න ඔබට තේජස් මදි. රනිල් වික්‍රමසිංහ මහතාට ඔබව දැන් මදි...!
සිලින්ඩර් සීයා දැන් ඡන්දෙ දිනලා වගේ හිතන් ඉන්නේ...!
ඕකට සිංහලෙන් කියන්නේ "මණ්ඩලේ කචල්" කියලයි...
ඔහොම වෙයි කියලා හිතුවේ නැහැ නේද..? තව ඉන්නවා සෙට් එකක් යන්න වෙයි. පරණ අං ඉවත් කරනවා.. අළුත් අඟවල් ගන්න.
රනිල් කියන්නේ අනුන් ලවා දරදිය ඇදගෙන වැඩේ හරියාගෙන ඉද්දී පස්ස පැත්තට පයින් ගහලා එළවා දාන කෙනෙක්. රාළහාමිට ඉස්සරහින් තණකොළ මිටිය එල්ලලා තියෙන කල් ඕවා තේරුණේ නැහැ නේද? තිස්ස අත්තනායකට වුණෙත් ඔය ටිකමයි. පරණ පිනකටවත් රාජකීය විදුහලේ ආරක්ෂක වැඩක්වත් කරලා තිබුණා නම් ඔහොම වෙන්නේ නෑ. දැන් ගෙදර කළ පව් දුරුවෙන්න ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න.
එහෙම නිල දැනුම් දීමක් කරන්නේ සේවයෙන් ඉවත් කළාමනේ රාළහාමි. පස්ස පැත්තට පයින් ගහලා දොට්ට දැම්මාම කල් ඇතුව කිය කිය ඉන්නේ නැහැ. තේරුණා නේද?
වැඩ අරගෙන විසිකරන මයිනාගෙ කරපිංචා න්‍යාය...
ඕක තමයි කියන්නේ කර්මය පඩිසන් දෙනවා කියලා. ඒක මේ ආත්මෙදි වෙන්නත් පුළුවන්. ඔබට මේ ආත්මෙදීම පඩිසන් දීලා. රට, බැංකු, රාජ්‍ය ධනය, හොරාකාපු, කොමිස් ගහපු, මර්දනය කරපු අයටත් ඔය වගේම පඩිසන් දේවි. ස්වභාව ධර්මයට කොලේ වහන්න බැහැ.
අස් කළා කියලා වෙනම කියන්න ඕනේ නැහැනේ. මම ඔය තට්ටයාගේ කනට දෙකක් ගහලා , එළියට දැම්මා එච්චරයි.