ෂාරුක් දෙව්දාස් ගැන කියයි තම රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස සළකන දේව්දාස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට හැකිවේදැයි සිතෙහි තිබූ චකිතය තමාව මත්පැන් පානයට පුරුදු කළ බව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රකාශ කළේය. 17 October 2024
සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිකළ සිරි සුහුරු පියස සිසු අයිතියට පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි. 17 October 2024
ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරැඹෙයි ලඟදී ඇරැඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය අද (16) බෙයිජිං හිදී පැවැත්විණි. 17 October 2024
කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දුන්නේය. 17 October 2024
‘අයිස් ‘සමඟ ගුවන් මගියා අත්අඩංගුවට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවී යාමට තැත් කළ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 17 October 2024
නව රජයට ඇති අභියෝගයක් රනිල් පෙන්වයි ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය. 17 October 2024
ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද ප්‍රදේශයකදී අතඅඩංගුවට ගනු ලැබූහ. 17 October 2024
මත් සාදයක් පැවැත්වූ 12 ක් පොලිස් දැලේ බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි. 17 October 2024
නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 17 October 2024
දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉල්ලීමක් කරන්නීය. 17 October 2024
ලියෑම් පේන් දිවියෙන් සමුගනී බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 31 කි. 17 October 2024
ත්‍රිරෝද රියදුරු ලොකාන්තයට දැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පස්සර මහේස්ත්‍රාත් උදිත සම්පත් ගුණතිලක මහතා නියෝග කළේය. 17 October 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි 17 October 2024
දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 17 October 2024
වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී මරණ ලියාපදිංචිය 34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2024
ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 17 October 2024
ගමේ පාර හදන ප්රතිලාභ ගමට යා යුතුයි මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 October 2024
උතුරට විටින් විට වැසි උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 October 2024
උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි ”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අත් අඩංගුවට ගැනීමට නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 17 October 2024
පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන් පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 16 October 2024
උතුරුමැද මහ ඇළේ ඉන්ධන සොරා කෑ ජාවාරම්කරුවන් කොටු වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අද (16) සවස සමත්වූහ. 16 October 2024
කලමැටිය කලපුවේ පුද්ගල මළසිරුරක් හුංගම පොලිස් වසම තුළ පිහිටි කලමැටිය කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ මළසිරුර දියේ ගිලී තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය. 16 October 2024
වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 16 October 2024
H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 16 October 2024
ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 October 2024
වතුර වළකට වැටී සිසුවෙක් මරුට සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දිය පිරුණු වළක වැටී මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි . 16 October 2024
මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ් මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 October 2024
ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 October 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 16 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026