කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත. 15 October 2024
ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 15 October 2024
දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ. 15 October 2024
ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 15 October 2024
රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. 15 October 2024
ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ. 15 October 2024
කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන්දෙන් පහළට පෙරළී අද (15) දින සවස සිදු වූ දරුණු අනතුරකින් ජීවිත දෙකක් නූලෙන් බේරි ඇතැයි ප්‍රදේශ වාසීන් පවසති. 15 October 2024
මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 15 October 2024
සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැළඳවීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 15 October 2024
උදුල් ප්‍රේමරත්නට-මිතුරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ මිතුරියට ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය අද (15) දින තලංගම පොලිසියට නියෝග කලාය 15 October 2024
නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ. 15 October 2024
උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 15 October 2024
කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 15 October 2024
ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කලේය. 15 October 2024
දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී.එම්. වීරසූරිය මහතා පැවසීය. 15 October 2024
පාසල් හෙට සිට යළි විවෘතයි මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 15 October 2024
වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 15 October 2024
රිය අනතුරකින් අයෙක් මරුට මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 15 October 2024
ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය පිරිසක් සහ මාපියෝ පිරිසක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (15) ගොනු කළහ. 15 October 2024
සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුනගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 12ක වන්දියක් පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍යවරයාට ගෙවීමට වැටලීම කළ සුරාබදු නිලධාරීන් තිදෙනට අද (15) නියම කළේය. 15 October 2024
සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින් මහත් වේදනාවට පත්ව සිටිති. 15 October 2024
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන ඉස්සූ දෙදෙනාට ඇප නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා කළමනාකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15)නියෝග කළේය. 15 October 2024
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පරාස නිකුත් කරයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ. 15 October 2024
ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේය 15 October 2024
පොලිස් ලොක්කකුගේ යතුරු පැදියෙන් කුඩු ඇදලා කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට අයත් යතුරුපැදියෙන් හොරයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වැලිපැන්න හොරවල හන්දියේදී අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් සමගම ඔහු මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලවා හැරිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 15 October 2024
’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 15 October 2024
නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරුගේ දුරකථන විස්තර වාර්තා සහ බැංකු විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (15)නියෝග කළේය. 15 October 2024
වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 October 2024
නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක් 77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2024
IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාවේ ක්‍රියාත්මක වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 15 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026