ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක
සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ්වාසභංග යෝජනා ඉදිරිපත්කිරීම්, යෝජනා සම්මතයන් මගින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම් සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම් ඇතුළු සුවිශේෂී අවස්ථා දක්නට ලැබිණි.