වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති. 13 October 2024
හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 13 October 2024
ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 13 October 2024
රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13)පැවසීය. 13 October 2024
පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 13 October 2024
බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොලිසිය පවසයි. 13 October 2024
දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය. 13 October 2024
කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය. 13 October 2024
දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක් කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහියකින් කපා තුවාල කර දේපොළ පැහැරගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය සඳහන් කරයි. 13 October 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 13 October 2024
වැස්සෙන් දිස්ත්‍රික්ක 13කට දැඩි හානි තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 13 October 2024
කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය පියවරගෙන ඇත. 13 October 2024
ගනේමුල්ලේ සංජීව - වෙළේ සුදාගේ සිර කුටි පිටුපස දුරකතන බූස්ස බන්ධනාගාරයේ දැනට රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබු ජංගම දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 13 October 2024
යටගිය අපරාධ උඩට ගනී මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 13 October 2024
වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි. 13 October 2024
විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝපුර පොලිසිය කියයි. 13 October 2024
තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත. 13 October 2024
පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 13 October 2024
අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය. 13 October 2024
බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට නාම යෝජනා අහිමිවී ඇති බව දක්නට ලැබේ. 13 October 2024
ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් විය. 13 October 2024
මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 13 October 2024
සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි 13 October 2024
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2024
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 October 2024
ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 12 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026