ගම්පහට කණ්ඩායම් 42ක් 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කළේය. 11 October 2024
කළුතර හතක් ප්‍රතික්ෂේපයි පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් නාම යෝජනා පත්‍ර භාර දුන් බවත් ඉන් 07 ක් ප්රතික්ෂේපවූ බවත් කළුතර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරි ජනක කේ ගුණවර්ධන මහතා කීය . 11 October 2024
මහ මැතිවරණයට කණ්ඩායම් 690:74 විසි වෙයි 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690ක් නාම යෝජනා පත්‍ර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 11 October 2024
ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය. 11 October 2024
සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. 11 October 2024
අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්යක්ෂවරයෙක් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 11 October 2024
රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථය රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11)රේගුවට නියෝග කළේය. 11 October 2024
රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 October 2024
ආසනික් විෂ රට සැමන් හරවා යවයි ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 October 2024
නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය. 11 October 2024
කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත. 11 October 2024
රුසියන් - ඉරාන ජනපති හමුවෙති රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි. 11 October 2024
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය. 11 October 2024
රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් සිය බාරයට ගනු ලැබූහ . 11 October 2024
විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 October 2024
ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත් ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවැසූහ. 11 October 2024
නිල නිවසක් පිටුපස මළ සිරුරක් මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන තිබේ . 11 October 2024
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 11 October 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේලන ලැබීය. 11 October 2024
වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි: ජන ජීවිතයටත් බාධා තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී. 11 October 2024
ධීවර ජනතාවට විශේෂ නිවේදනයක් පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී. 11 October 2024
රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ නාමයෝජනා පත්‍රයට ඇතුලත් වී නැත. 11 October 2024
කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවෙන් රුපියල් කෝටි දහයක්වන්දියක් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ මහතා විසින් ඉල්ලා අස් කර ගන්නා ලදි. 11 October 2024
දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 11 October 2024
පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 11 October 2024
සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති. 11 October 2024
නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන් 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 11 October 2024
වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා පැවසීය. 11 October 2024
හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 11 October 2024
සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 11 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026