IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අ‘පුරේ වන විනාශයක්

(බී ජී චතුරංග)

අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් හා එය ප්‍රවාහනය කළ තට්ටු ලොරියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සහ ගල්පොත්වය ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27, 37 සහ 42 වියේ පසුවූ පුද්ගලයෝ තිදෙනෙකි.

රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදු කිරීමට කටයුතු කළ ද මධ්‍යම රාත්‍රියේදී සැකකරුවන් එය අතර මග නතර කර දමා යාම හේතුවෙන්, රක්ෂිතය තුළ සැඟව සිට  සැකකරුවන් යළි වන විනාශය කිරීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

උතුරු මැද සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය වන සංරක්ෂණ නිලධාරී ඩබ්ලිව්.ඩී එන්. ආර් ප්‍රසාද් මහතාගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම , මත දින දෙකක් පුරා දිවා සහ රාත්‍රී කාලයේ පැවති දැඩි වර්ෂාව සහ වන අලි මධ්‍යයේ සිදු කළ සූක්ෂම වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය සදහන් කළේය.

 



අදහස් (1)

අ‘පුරේ වන විනාශයක්

ගුණරත්න Saturday, 15 March 2025 01:40 PM

මේවා අද ඊයේ වුණාට ගිය ආණ්ඩුවේ එකෙක් ගේ සම්බන්ධයක් හොයාගෙන බණින්න ඕනෑ කියලා ආණ්ඩුවේ අපුල්ලන මහත්තයෙක් කිව්වා.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site