(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි
ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද පොලිස් බාරයට ගෙන ඇත. එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි මොහොමඩ් යාසිර් (21) හා සිංහප්පුලිගේ මදුසංක (22) යන අයයි.
සේදවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ඇඟට කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු කැලණිතිස්සගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට පහර දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පුද්ගලයන්ගේ පාර්ශවයේ අය විසින් පැමිණි පිරිසට දුම්රිය මාර්ගයේ පසුපස එළවමින් තියුණු ආයුධ වලින් ප්‍රති ප්‍රහාර එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20/40 අතර පසුවන්නන්ය
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති
ජිල්බු Saturday, 15 March 2025 09:41 PM
ඉල්ලං කාල ... කජු සීය අල් ජසීර ගියා වගේ
Duminda Udayakumara Sunday, 16 March 2025 09:15 AM
තමුන්ටත් ලොකේටත් වැඩක් නැති ජිවිත