තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත. 13 October 2024
පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 13 October 2024
අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය. 13 October 2024
බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට නාම යෝජනා අහිමිවී ඇති බව දක්නට ලැබේ. 13 October 2024
ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් විය. 13 October 2024
මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 13 October 2024
සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි 13 October 2024
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2024
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 October 2024
ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 12 October 2024
වීදුරු ගොඩට යටවී අයෙක් මරුට හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි. 12 October 2024
බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවතුර තත්වය අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී. 12 October 2024
මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 October 2024
ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින් සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 12 October 2024
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 October 2024
ආපදා සහන දෙන්න මිලියන 50ක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 October 2024
දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 12 October 2024
ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. 12 October 2024
චීන්නු 100ක් මහනුවරින් අල්ලයි මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක නවාතැන් ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 114 දෙනකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 October 2024
ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල් තුනක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් මගින් ආපදා සහන සේවා නිලධාරී වෙත දැනුම් දී තිබේ. 12 October 2024
ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත. 12 October 2024
ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන් ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ. 12 October 2024
අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත. 12 October 2024
වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි. 12 October 2024
ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 12 October 2024
අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම් රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දැනුම් දී සිටී. 12 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026