රට පුරා ඔසු සල් අරින්න යයි ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 14 October 2024
ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. 14 October 2024
පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි. 14 October 2024
පොහොර සහනාධාරය අද සිට රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 14 October 2024
ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය මතභේදයට තුඩු දුන් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව විභාග කොමසාරීස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (14) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. 14 October 2024
ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව කියන පුද්ගලයකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 14 October 2024
යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයන්න රොබෝ යානයක් යයි සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැති රොබෝ යානය හෙට (15) පිටත්ව යෑමට නියමිතය. 14 October 2024
අල-ලූනු ආනයන බදු වැඩි කළ වාසිය ගොවියාට නෑ ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමේ වාසිය ලැබෙන්නේ දේශීය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව අතරමැදි වෙළෙඳුන් පිරිසකට බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 October 2024
කුලියාපිටිය - කොළඹ පාර වහයි හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් කුළියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය සිට කොට්ට්රාමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් අද (14) පෙරවරුවේ සිට නැවත වසා දැමිමට පොලිසිය කටයුතු කර තිබේ. 14 October 2024
කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක් ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති. 14 October 2024
ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි. 14 October 2024
අල්ලස් දූෂණ කොමිසමේ අධ්යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත. 14 October 2024
බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද මස හයක සිර දඬුවම් නියම කළේය. 14 October 2024
17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක, ගැටී එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි. 14 October 2024
පිහි ඇනුමකින් අයෙක් මරුට ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය . 14 October 2024
ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක් කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්ද නාම ලේඛනයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පසු ගිය ජනාධිපතිවරණයේ සහ මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේද ඔවුන්ගේ ඡන්ද අයිතිය ඉවත් වී ගොස් ඇති බවට පැමිණිල්ලක් ලංකා කම්කරු රතු කොඩි සංගමයට ලැබී ඇති බව එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් පී.ඩී.කුමාර මහතා පවසයි. 14 October 2024
බඳින තුවක්කුවට දෙදරු පියා බිලි මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 14 October 2024
බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක් බඩල්ගම බියරස්ට් වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ බොයිලේරුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය පුරා ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 14 October 2024
අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය. 14 October 2024
පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 14 October 2024
ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 14 October 2024
පිපිරීමකින් තරුණයෙක් රෝහලේ යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි. 14 October 2024
අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 October 2024
ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින් කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි. 13 October 2024
මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 13 October 2024
ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකය යටතේ ඇති 141 පාබල බලසේනා මුලස්ථානයට අයත් 2 වන ශ්‍රිලංකා යුධහමුදා සේවා බලකායේ භටපිරිස් 13 පස්වරුවේ කටයුතු කළහ. 13 October 2024
අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳවා ගෙන ආවේය. මගුල් කාරය වෙනුවට ඔහුට අගුලක් යොදා ගත්තේය. 13 October 2024
කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්ගලයා ඔවුන් බේරාගැනීමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටී ඇති බවත් කළුතර දකුණ පොලිසිය පවසයි . 13 October 2024
තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 13 October 2024
කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටනෙන් ඉවත් විය. 13 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026