IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රනිල් ආණ්ඩුවේ මුදලින් පෞද්ගලික සංචාර ගොස් ඇතැයි කෙරුණු සියලු ප්‍රකාශ සාවද්‍ය බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් සඳහන් වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය. 

 රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කරනු ලැබීය. ප්‍රථම සංචාරය 2023 මැයි 09 වැනි දින  කරනු ලැබුවේ iii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාය.දෙවැනි වර පැරිස් සමුළුවට සහභාගී වන  අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU)2023 සැසි වාරයට සඳහා ලන්ඩන් නුවරට ගියේය.

හවානා නුවර පැවැති G 77 සමුළුවට සහභාගි වීමෙන් පසුව නිව්යෝක් නුවරටත්, ඉන් අනතුරුව  ලන්ඩන් නගරයටත් පැමිණීම තුන්වැනි සංචාරයේදී සිදුවිය. 

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වර් හැම්ප්ටන්(Wolverhampton) විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවය මෙ දින වලදී වුල්වර් හැම්ප්ටන් හි පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වූයේ නිව්යෝක් නුවරට ගොස් පැමිණෙන අතර වාරයේදීය. 

පෞද්ගලික සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ලන්ඩන් නුවරට ගොස් නැත.මේ සංචාර වලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවීම ද සිදුකරනු ලැබීය. 

එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුර දී ජාත්‍යන්තර මට්ටමින්  සංවිධානය කෙරුණු රැස්වීම් ,මැඩමුළු ආදියට ද සහභාගී වූවාය.

ඒ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබිණි. නිව්යෝක් නුවර සිට ඒ උත්සවයට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට  කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ  හමුවීම් කිහිපයක් පැවැති බැවින් එය පසු දිනයට කල් දැමිණි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන් සහභාගී වූ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශ කෙරුණු ආකාරයේ අධික මුදලක් වැය වූයේ යැයි පැවසීම  අතිශය ගැටලු සහගතය. 

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මෙ කරුණු හමුවේදී ද පැහැදිලි වෙයි. 



අදහස් (20)

රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ

Akila Tuesday, 18 March 2025 01:20 PM

ඔය කටින්ම කියල තියෙන්නේ , කපටි මිනිහ කරන්නේ හැම තිස්සෙම පෞද්ගලික සංචාර වලදී කොහොම හරි රාජ්‍ය නායකයෙක් හමු වෙනවා නැත්නම් වැඩකට නැති සමුළුවකටත් ඒ ගමන් ම බලෙන්ම රිංගනවා , ඊට පස්සේ එක පවුද්ගලික සංචාරයක් නෙමෙයි කියල පෙන්නනවා

:       28       75

gamunuTuesday, 18 March 2025 05:42 PM

ලංකාවෙන් පිටත පවතින රාජ්‍යතාන්ත්‍රික කටයුතු, සමුළු හෝ වෙනත් කාරනා පිලිබදව මේ ආණ්ඩුවට කිසිවකු විසින් තේරුම් කරදිය යුතුවේ.

:       0       2

sena Tuesday, 18 March 2025 01:21 PM

දඹුලු ගිහින් තලගොයි මරන්න බැහෙනේ, ඔයාගේ රාජ්‍ය ගමන් වලින් රටට ලැබිච්ච දේ මොනාද

:       26       71

බණ්ඩා Tuesday, 18 March 2025 04:35 PM

අද ඔහේලගේ ඔය ජේ.වී.පී රිලා ආණ්ඩුව සෙල්ලම් දාන්නේ අර ඒ මනුස්සයා ගිහින් ලැබුණු, ගෙනාපු දේවලින් මිසක් ඔහේගේ වත් අනුර කුමාරගේ වත් උත්සාහයෙන් හෝ තමුන්ලගේ බූදලෙන් ලැබුණු බිජ්ජකින් නෙවෙයි කියලා මතක් කරගන්නවා හලෝ.

:       0       2

කව්ද බෝයි Tuesday, 18 March 2025 01:26 PM

මොකෝ නැත්තේ? සාගලයත් ගියේ ඔය හැම ට්‍රිප් එකම...

:       14       56

බහුභාර්යාTuesday, 18 March 2025 02:42 PM

ඒක නීත්‍යානුකූලද?

:       7       31

Mehdi Hassan Tuesday, 18 March 2025 01:37 PM

හරි හරි අපි පිළිගත්තා. බටලන්ද වාර්තාවකුත් නෑ නෑමයි.

:       13       43

Koralage Tuesday, 18 March 2025 02:14 PM

මේ මිනිහ අපරාධකාරයෙක්.හොර පාරකින් කොහොමහරි පාර්ලිමේන්තුවට රිංගලා මහජන මුදල් කාබාසිනියා කරන හොරම තක්කඩියෙක්.අපි මාලිමා රජයට කියන්නේ බටලන්ද කොමිසන් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ල වැඩි ඡන්දයෙන් සම්මත කරලා මේ රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරල දාන්න.එහෙම කෝලොත් රටට විශාල සෙතක්.

:       15       41

Hafeel Tuesday, 18 March 2025 02:55 PM

මේ සම්බන්ධයෙන් රනිල් ළඟදීම ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.

:       7       21

ජයනාත් Tuesday, 18 March 2025 03:12 PM

මෛත්‍රී වික්‍රමසිංහ යනු රාජ්‍ය නිලධාරීන් නොවෙයි . එතනින්ම පැහැදිලියි පුද්ගලික කරුණුවලට රජයේ මුදල් පරිහරණය කරලා තියෙන බව.

:       8       33

Shantha Tuesday, 18 March 2025 03:14 PM

එතකොට අර අමතර කෝටි 2000ක් වෙන්කර ගත්තේ කජු කන්නද සීයේ?

:       7       31

මැක්ස් Tuesday, 18 March 2025 04:02 PM

ඇත්තටම ජෙප්පො කියන්නෙ ලැජ්ජාව ගෑවිලා වත් නැති, කටේ දිවේ නොගෑවී කෙබර ඇදබාන්න පුලුවං බේගලුන් ගෙන් පිරි අහනකි. නායක බේගලුන්ගේ කෙප්ප කිසි හිරිකිතයක් නැතුව කරේ තියාගෙන කොමෙන්ටු කොටන අන්ධ භක්තිකයන් රෑනක් ඔවුන් සතු වීම, ඔවුන් තාවකාලිකව ලැබූ ජයග්‍රහණයකි.

:       42       45

කෞෂිTuesday, 18 March 2025 05:04 PM

ආ මැක්ස් නමෙනුත් මෙයා ඇවිල්ලා! මට හිනා! අනෙක් අයලු බොරුකාරයෝ! මට හොඳටම හිනා...!

:       1       1

Asela Tuesday, 18 March 2025 04:06 PM

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ව්‍යාපාර සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරන ආකාරය දන්නා කිසිවෙක් මෙම පාලනයට නැත. 21 වන සියවසේ රාජ්‍ය පාලනය හෝ රාජ්‍ය තාන්ත්‍රික ආකෘතිය ඔවුන් නොදනී. මේ මෝඩයන් රැලක් සමඟ ශ්‍රී ලංකාවට පවත්වා ගත හැකිද නැතහොත් ඉදිරියට යා හැකිද?

:       31       40

පම්පෝරි ජනක Tuesday, 18 March 2025 04:50 PM

අනේ ඔව් අසේල , කජු සීයා රාජකාරි සඳහා කියල හොරු රැලත් එක්ක ලෝකේ වටේ ගියා , එත් ඒ ගිය කිසිම රටකින් ( ඉන්දියාව හැරෙන්න ) කිසිම ආධාරයක් ලැබුනේ නැහැ. මොකද ඔවුන් දන්නවා සල්ලි දුන්නොත් ඉවරයි එක හොරා කනවා කියලා.

:       1       1

බකල ජයාTuesday, 18 March 2025 05:06 PM

පවත්වාගෙන යන්න බැරිවුනොත් දියවෙයිද? ඉදිරියට ගියොත්නම් ඉන්දියාවේ හැප්පෙනවා ෂුවර්...

:       1       1

වින්සන්ට් කජ්ජාTuesday, 18 March 2025 08:58 PM

රාජ්‍යතාන්ත්‍රික ලෙස කජු කෑමට අත්දැකීම් ලබාගැනීමට කජු සීයා වෙතින් උසස් පාඨමාලාව! ලඟදීම ඇරඹේ! මුලින් ඇතුල්වෙන ශිෂ්‍යයාට 100% වට්ටමක් සහිත විශේෂ පහසුකම්.

:       1       1

ගමේ එකාලා Tuesday, 18 March 2025 05:37 PM

දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ..මෙයා ගිය පුද්ගලික සන්චාර දිහා බැලුවම ගිය විදිය ගැන ඕනෑම කෙනෙකුට තේරෙනවා ,සමහර වහලුන්ට නම් නොතේරෙනවා ඇති.

:       1       1

ගුණරත්න Tuesday, 18 March 2025 06:12 PM

හා හොඳයි මාළිමාවුනි, මේකට උත්තර දෙන්න, කෝ රටේ පළමු පුරවැසියාගේ භාර්යාව? එතුමිය පේන්නේ නැත්තේ මොකද? ලජ්ජාද පෙන්වන්න?

:       2       1

Perera Wednesday, 19 March 2025 12:54 AM

මහා බැංකුව හවුලේ සුද්ද කරලා මෙයාගේ ගෝලයට රටින් පැනලා යන්න උදවු කරපු මිනිහානේ මේ කියවන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site