IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විමල් පුංචි ඡන්දෙට එන හැටි කියයි

(අංජුල මහික වීරරත්න)

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය.

තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව කී විමල් වීරවංශ මහතා තම පක්‍ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන  කණ්ඩායම ඉදිරිපත් වන බව පැවසීය.

ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බවද වීරවංශ මහතා කීය.



අදහස් (8)

විමල් පුංචි ඡන්දෙට එන හැටි කියයි

බටලන්දේ ප්‍රේමවතී Monday, 17 March 2025 10:05 PM

මුද්‍රාව තියාගන්න තැන කියන්න බැරි තැනක්ද? මේ ජාතිවාදී රාජපක්ෂ මැක්කන්ට මිනිස්සු හොඳටම ඡන්දෙ දෙයි.

:       8       16

Mahinda Tuesday, 18 March 2025 07:13 AM

ඔය පරඅංචායුධයෙන්‍ තරග නොකරන ආයතන සදහ ව්‍යාග්‍රා ලකුනිනු ත් තරග කරන්න පුළුවන්, කඩුවෙලටත් ඒ ලකුණ හොදයි කඩුවෙල බොහෝ දෙනෙක් ඒ ලකුණ අදුරනවා෴

:       17       19

Perera Tuesday, 18 March 2025 07:40 AM

දේශපාලනය සේවයක් ලෙස නොසළකා විකෘති ව්‍යාපාරයක් කරගෙන දේශපාලනයෙන් මඩිය තරකරගන්න බලන හොර මගෝඩි තක්කඩි මුන්

:       23       20

වසන්ත Tuesday, 18 March 2025 08:16 AM

අනුන් රජ කරවන්න කඩේ නොගිහින් මුල ඉඳලම ඉවසීමෙන් තමන්ගේ පක්ෂේ වෙනුවෙන් වැඩ කෙරුවනම් දැන් හොඳ තැනක. ප්‍රමාදවෙලා හරි තෙරුනනම් ඇති.

:       11       25

අමුඩයා Tuesday, 18 March 2025 09:11 AM

අනේ හොදයි. සාදු සාදු සාදූ සුභ උපන් දින දෙකක්ම වේවා.

:       14       21

ddsTuesday, 18 March 2025 10:27 AM

පේලි අතර කියවන්න කමෙන්ට් එකක්. නියමයි අමුඩයෝ!

:       14       13

Zoro Tuesday, 18 March 2025 10:21 AM

අනුන්ට ගරහන එක දැන්වත් නවත්තල මනුස්සයෙක් වෙන්න කාලේ හරි.

:       11       9

Rata Perata Tuesday, 18 March 2025 12:39 PM

කල් ඉකුත් වී නරක් වී කුණු ගදහනක බන්ධනයක් මේ

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site