IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධිකරණයෙන් පොලිසියට දොස්

(රොෂන් තුෂාර)

අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම අද(17) ප්‍රතික්ෂේප කළේය.

සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කර සිටි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්‍රශ්න කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

 



අදහස් (4)

අධිකරණයෙන් පොලිසියට දොස්

ඔබත් මමත් අත්දකින යථාර්ථය Tuesday, 18 March 2025 05:34 AM

දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියේ ස්වාධීනත්වය පාලකයන් විසින් ඩැහැගත්තු සාමාන්‍ය මිනිසුන් සතුරන් සේ දකින, සාමාන්‍ය මිනිසුන්ට මැරයන් ලෙස පෙනෙන ශ්‍රී ලංකාවේ නීතිය රැකීමේ ආයතනයයි මේ. ස්වාධීන පොලීසියකින්, අධිකරණයකින්, රාජ්‍ය ව්‍යූහයකින් වැඩිම තර්ජනය තියෙන්නෙ ධනය, බලය අවභාවිතා කිරීමට නොලැබෙණ වරප්‍රසාදලත් අයටයි. උන්ට අවශ්‍යය තමන්ගේ නීතිවිරෝධී ක්‍රියා ගැන පියවර නොගන්නා පද්ධතියකුයි. එතකොට තමයි ජාතික ධනය කොල්ලකෑමට, රටේ පොදු හා පෞද්ගලික ඉඩම් මංකොල්ලකෑමට හා විවිධ අපචාර ක්‍රියා දඩුවම් නැතිව කරන්න පුළුවන්. මේවා දකින වරප්‍රසාද නැති මිනිසුන්ද ඒ නායකයින්ව අනුගමනය කරල ඒ හා සමාන මාර්ගවලින් ධනය, බලය උපයන්න පටන්ගන්නවා. කප්පම්ගැනීම, හොර අරක්කු, ගණිකා නිවාස මත්කුඩු ජාවාරම, කුලියට මිණීමැරීම, බැංකු මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණ, ප්‍රාදේශීය චන්ඩි ඇතිවීම මේවාවල ප්‍රතිපලයි. අද අපි අත්විඳින අපේ රටේ යථාර්ථය මෙයයි. හිතල බලන්න කවුද මේවට වගකියන්න ඕන හා කවුද මේවා පිටුපස ඉන්නේ කියල.

:       17       21

රනේ Tuesday, 18 March 2025 07:31 AM

එයා බැරිනම් වත්මන් පොලිස්පතිවත් අල්ලමුද?

:       10       21

අමුඩයා Tuesday, 18 March 2025 09:09 AM

මේ රට හදන්න ලුලුවන් ලොකුම ආයතනය තමයි අධිකරණය.වැරදි කරපු එවුන් අහුවුනොත් දෙන්න ඕන ඇඩෙන්නම.ඔය රාජ්‍ය සේවයේ ලොකු ලොකු පුටුවල ඉන්න තරතම් ඉන්නේ දුෂිත නිලධාරින්. දේශපාලකයින්ට වඩා මේ රට විනාශ කලේ උන් තමයි. දන් දකුණු පළාතේ ඉන්න ආණ්ඩුකාරයත් කලින් පරිපාලන සේවයේ කෙනෙක් . එයා රජයට වඩා පරිපාලන සේවයේ දූෂිතයෝ ආරක්ෂා කරනවා. ආණ්ඩු වෙනන් වුනාට පරිපාලන සේවයේ ඉන්න අය අදටත් වෙනස් වෙලා නැහැ. ගිය ආණ්ඩුාව් හිටපු අයම තමයි මේ ඉන්නෙ. ඉතිං කොහොමද රටක් හරියන්නෙ.දකුණේ දේශපාලකයින්ටත් ඒ ගැන වගේ වගක් නැහැ.

:       32       13

සව්හාමිTuesday, 18 March 2025 11:20 AM

දකුනේ ආණ්ඩුකාරකම රමේෂ්ට හරි කාංචනට හරි දුන්න නම් වීට වඩා හො‍දයි.දැන්ම කියන්නම් ආණ්ඩුව පේල්. පුංචි චන්දෙන් වඩු හම්බ වේවි.අර අමුඩයා කියනව වගේ ්දැන් මේ රට හදන්න පුලුවන් ගරැ අධිකරණයට විතරමයි. මුං පොලීසියට වත් බය නැහැ. කොමිෂන් සභා සත පහකට ගනන් ගන්නේ නැහැ. නිසිසුරැතුමන්ලාලනි, ඉන්මනින්ම නිවන් දකින්න කැමති නම් වැරදි කාරයෝ වන අයට තරා තිරම නොබලා හැකි උපරිම දඩුවම ලබා දෙන්න. අපි වගේ අයට තියෙන එකම පිහිට ගරැ අධකරණය පමණමයි.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site