IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට

(අමදෝරු අමරජීව)

මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස   මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන්  මහත්මිය ඊයේ (15) නියෝග කළාය.

මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74)  යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි.

සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන්  දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ  බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ සහෝදරියද ඝාතනය කළ බවත් දැරිය ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන දැරියගේ මව එම අවස්ථාවේ මුතූර් මූලික රෝහලේ රාත්‍රි රාජකාරි යෙදි සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මාර්තු 24දාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරුරු  ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසද  පොලිසියට නියම කළේ ය.



අදහස් (2)

මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට

ගුණරත්න Sunday, 16 March 2025 03:59 PM

ඔන්න මාලිමාවුන්ගේ කාලේ හැටි, පොඩි අය ආච්චිලා මරණ කාලයක්!. ගිය ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් මාලිමාවුන් පොඩි එකාගේ මානසික තත්වයේ ඉඳන් විශේෂඥ හෑලි ලියයි, ඒකත් සීයාගේ වැරැද්ද කියලා.

:       13       4

අන්ද්‍රයස් වීරබද්දන Monday, 17 March 2025 04:11 AM

මේ අදහස වරදකුත් නැහැ මොකද 1971 ලංකාවෙ ජනතා ඡන්දයෙන් පත්වූ රජයක් පෙරලා ජනතා මතයට පයින්ගසා බලය ගැනීමට කැරැල්ලක් ඇතිකල මුල්ම කාලයේ රටේ ප්‍රචාරයක් තිබුනා වයසක ජනතාව නඩත්තු කරන්න විශාල ධනයක් වැයවෙනවා රටේ ආදායම් අඩුයි එනිසාම හැටට වැඩි ඔක්කොමලා මරන්න තමයි ගුවේරා කාරයො හදන්නෙ කියල.( ඒ කාලයේ ජේවීපී නැත්නම් ජෙප්පො කිව්වෙම නැහැ කිව්වෙ ගුවේරා කාරයො කියල තමයි )

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 151 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 91 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site