IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බඩඉරිඟු බෑගයක සඟවා ගණදෙවි පිළිමයක් ගෙනැවිත්

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්‍ර දේශයේදී  ඊයේ (15) අත්අඩංගුවට ගත් බව මුරුක්කන් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේෂාලේ, කාටස්පත්‍රි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු මෙම ගණදෙවි පිළිමය බඩඉරිගු ඇට පිරවූ බෑගයක ඉතා සූක්ෂම ලෙස සඟවා කොළඹ ප්‍ර දේශයට විකිණීම සදහා මෙසේ රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පිළිමයේ නාසය සහ අත් දෙක සැකකරු විසින් කඩා ඒවා රත්‍රන් දැයි පරීක්ෂා කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමාගේ මාමාගෙන් එම පිළිමය ලැබුණු බවය.

 

 



අදහස් (1)

බඩඉරිඟු බෑගයක සඟවා ගණදෙවි පිළිමයක් ගෙනැවිත්

හේරත් බන් ඩා Sunday, 16 March 2025 03:06 PM

ඇයි පොලිසියෙන් අල්ලන්නේ ගණදෙවි පිළිම නහය කඩපු නිසාද? බඩ ඉරිඟු බෑග් එකේ දාගෙන ආපු නිසාද? එයාගේ තිබුණු දේවාලේ වහන්න ඇති පාඩු නිසා. තිබුණු පිළිම විකුණන්න ගෙනියන්න ඇති. පව් ඒ කපු මහත්තයා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 151 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 91 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site