(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර බදුල්ල අතර දුම්රිය ගමන් වාර දෙකක් අද (16) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය සහ මහනුවර සිට බදුල්ල බලා අලුයම 4.10 ට ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබු අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මහනුවර සිට බදුල්ල බලා ඊයේ (15) දින ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ට බාධා සිදුව දුම්රියන් පැය ගනන් ප්‍රමාද වී ධාවනය විය .
මෙසේ දුම්රිය ප්‍රමාද වීම නිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ට නියමිත වේලාව ට ධාවනය වීමට දුමිරිය එන්ජිමක් නොතිබුනු නිසාවෙන් මෙම දුම්රියන් දෙකේ ගමන්වාර අවලංගු කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි