(බී.ජානක)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩෝවිට 3 වන අධියරේ අද (15) පස්වරුවේ මෙම වැටලීම් ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වෙළේ සුදාගේ සහෝදරයාබව කියන පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇත.
පොලිස් කොස්තාපල්වරයාගේ උදරය හා වැමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර
පිටරටවැසියා Saturday, 15 March 2025 08:49 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?
dds Saturday, 15 March 2025 09:06 PM
දැන් තියෙන්නෙ තමන්ගෙ ආණ්ඩුව නෙමේ කියල අමතක වෙන්නැති අහිංසකයට!
පැරකුම් Sunday, 16 March 2025 05:43 AM
ඇයි ඉතින් ඒ එක්ක හිටපු ස්ථානාධිපතිද මොකාද උඩ බලන් හිටියෙ. අතේ ආයුධයක් තිබුනෙ නැද්ද. ඇයි අපේ පොලිසියට මෙහෙම නිගා කරන්නෙ
බකල ජයාSunday, 16 March 2025 01:49 PM
කවුද, කව්ද අපේ පොලීසියට නිගාකරන්නෙ? ආ පොලිසියමද? එහෙනම් කමක් නෑ.