IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදුල්ලේ පවුල් 4034ක් මරු කටේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදුල්ල දිස්ත්‍රික්කයේ  නාය යෑම් අධි  අවදානම්  ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව  4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව   වැවිලි කර්මාන්ත සහ  ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

ඒ අයට නව නිවාස සාදා දීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මීරියබැද්ද මෙන් පොළොවේ වැළලීමට  ඉඩ නොතබන බවද  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය.

මධ්‍යම කඳුකරය මහලු කඳුකරයක් බවට පත්වෙමින් තිබෙනවා. රන් රන්දෙණිගල ජලාශය  මඩවලින් පිරිලා. රන්ටැඹේ  ජලාශයේ සියයට 65ක්  රොන් මඩ වලින් පිරිලා. පුහුල්පොළ ජලාශය මඩවලින් පිරිලා.

මධ්‍යමක් කඳුකරය නාය යෑම්වලට ගොදුරු වෙලා තියෙනවා. අපේ ප්‍රදේශවල පවුල්  2219ක් අධි නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ අයට ගෙවල් හදලා දෙන්න අපි තීන්දු කළා. වතු ප්‍රජාවට අයත් නොවන තවත් 1815ක් අධි  අවදානම් ප්‍රදේශවල ජීවත් වෙනවා. මේවට දැන් පියවරක් ගන්න ඕන. මීරියබැද්ද වගේ  වැළලෙන්න ඉඩ දෙන්න බැහැ. ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.



අදහස් (0)

බදුල්ලේ පවුල් 4034ක් මරු කටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site