IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක්


(නිමල් ජයරත්න )

වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණී යැයි කියන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද(18)  නියෝග කළේය.
 
අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන්නේය.

අදාල සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින්  පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා තිබේ.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට  මහේස්ත්‍රාත්වරයා විසින් බාරදී  තිබිණි.

 



අදහස් (0)

අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site