(අංජුල මහික වීරරත්න)
වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.
රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙවර අයවැයෙන් ආකාර 6ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මූලික වැටුප අවම වශයෙන් රුපියල් 15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදු කර ඇති බවද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකයේ පැසසුමට ලක්වන බව සඳහන් කළේය. ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බව පැවසූ හෙද සංගමය වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලු ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ
බකල ජයා Wednesday, 19 March 2025 06:06 PM
ධර්මයේ හැසිරෙන්නේ හෙද සංගමය සමගද?
මිලානෝ වැසියා Thursday, 20 March 2025 04:23 AM
පච කොටා හිතන් ඉන්නේ පඩි වැඩි නොකර වැඩි කරා කියලා කිව්වම රෝහල් කාර්යය මණ්ඩලය රැවටිලා ශා නියමයි කියලා කියයි කියලද දන්නේ නෑ.
ගුණරත්න Thursday, 20 March 2025 01:10 PM
සීයා 35,000ක් පඩි වැඩි කරලත් වෛද්‍යවරු ඡන්දය දුන්නේ මාලිමාවට... ඉතින් අහන්න එපා ඇයි පඩි වැඩි කරලත් වර්ජනය කරන්නේ මොකද කියලා... මොකද එහෙම කියන්න දැන් අයිතිවාසිකමක් නැහැ.