IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම  දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 

මෙම කණ්ඩායමට රැකියා ලාභීහු 50 ඇතුළත් වෙති.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මාසයේ දී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරැයි ඇදීම මගින් තෝරාගෙන තිබේ. වසර 5 ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමිවේ.

මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.



අදහස් (1)

කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට

සෙනෙවිරත්න Friday, 21 March 2025 09:55 AM

කලින් ඇමතිට, අයියට, ප්‍රාදේශීයව පත්කල ඒජන්ට්ලට ගාන දුන්නම තමයි ඔය ලොතරැයිය ඇදෙන්නෙ. උන්ට නම් ⁣ඩබල් චාන්ස් ලොතරැයි. මේ මජර ක්‍රමය වෙනස්වෙච්ච එකට සතුටුවෙයල්ල. කුහක නොවී, මේව තමයි අපි පැතූ වෙනස, මෙතන වැළලෙන අය අඩුවට කන්න, වාහන ගන්න හිටියට උන් මේ ක්‍රමය වෙනස්වෙනවට සැබෑවට කැමති නැහැ. රටේ ජනතාව කැමති මේ රජයට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site