IMG-LOGO

ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල් වෙයි

(යොහාන් භාසුර)

ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.

එම ක්‍රියාවලිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා  සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක,  වරාය හා  සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති  උපදේශක හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක්  එම සාකච්ඡාවට සහභාගි වූහ.

එම අමාත්‍යංශයට අදාල ආයතනවල දැනට පවතින ඩිජිටල් භාවිතය පිළිබඳ තත්වය ද එහි ගැටලු ද අවශ්‍යතාවයන් ද එම සාකච්ඡාවේදී වෙන වෙනම සළකා බැලූ බවත් අයවැයට අදාළ සංවර්ධන කටයුතු සියල්ල ද එම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සදහා ද ඩිජිටල්කරණය යොදාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදෙස් දුන් බවත් ප්‍රවාහන අමාත්‍යංශය කීය. 



අදහස් (2)

ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල් වෙයි

ජනතාව Friday, 21 March 2025 11:04 PM

බස් කෝච්චි පොදු ප්‍රවාහනය කාඩ් එකක් භාවිතා කරන්න හදලා සේවකයෝ අඩු කරන්න. එතකොට කෝච්චි බස් ලාබෙට දුවයි...

:       0       1

Neel Saturday, 22 March 2025 05:49 PM

ඉතාමත් කාලෝචිත අදහසක්...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 678 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 505 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site