IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන

(රෝෂන් තුෂාර)

කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවත්,රක්ෂිත බන්ධනාගාර ගත සැකකරු රුපියල් මිලියන දහයක හංසමාලීට ලබාදීම,හංසමාලී නමින් ලියාපදිංචි බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසේ දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක ලිසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලී සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගිකයින් 34786 කට ක්‍රීම් වර්ග විකුණා ඇති හංසමාලි සැබැවින්ම අලෙවි කරන ලද්දේ ක්‍රීම් වර්ග ද නැතහොත් වෙනයම් දෙයක්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

පියුමී හංසමාලිගේ ක්‍රීම් මිලට ගන්නා ගනුදෙනුකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් ව්‍යාපාරයන්ට බාධා එල්ල කරන බවට ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ මෙම මෝසෙම කැඳවීය.



අදහස් (4)

පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන

රම්බොඩ Saturday, 22 March 2025 12:37 AM

විමර්ශනය කරන අය හිරේ යන සීන් එකක් ලංකාවේ තියෙන්නේ. ඒ නිසා නිලධාරීන් බයයි.

:       0       1

ලූට මූස් Saturday, 22 March 2025 11:08 AM

වෙන මොන පාරවල්ද, පොරෝ පාර මිසක්.!

:       1       16

Neel Saturday, 22 March 2025 05:57 PM

ගනුදෙනුකරුවන්ගේ ලේ පරීක්ෂණයක් කරන්න. ඩ්‍රග්ස් අරන්ද කියලා එතකොට බලාගන්න පුළුවන්...!

:       1       5

රුවන් Saturday, 22 March 2025 07:08 PM

ත්‍රිවීල් එකෙන් ආපු නෝනා සතියෙන් කෝටිපතිනියක් වුනේ කොහොමද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1806 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site