(යොහාන් භාසුර)
පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කළේය
මෙහිදි රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) සහ පොල් වගා කිරිමේ මණ්ඩලය අතර මෙම ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම අත්සන් කළේය.
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ එම්ඕපී පොහොර මෙට්‍රික්ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.
මෙම අවස්ථාවේ දී ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සහ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් මෙම පොහොර නිෂ්පාදන යාන්ත්‍රනය, මෙහි ගුණාත්මකභාවය පරික්ෂාකෙරෙන අවස්ථා පිළිබදව එම ආයතනය විසින් ඉදිරිපත් කල අතර මෙහිදි මෙම පොල් පොහොර සඳහා සකස් කරන ලද පොහොර ඇසුරුමද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.
මෙම මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන් වෙත බෙදාහැරිමේ යාන්ත්‍රනය පිළිබඳව ද එම අවස්ථාවේදි සාකච්ඡා සිදු කරන ලදි. මෙම පොල් පොහොර සහනාධාරය ලබා ගැනිම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති අතර එය ලබාගෙන සම්පුර්ණකොට එහි අදල නිලධාරින්ගෙන් සහතික කර ප්‍රදේශයේ ඇති අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කර පොල් පොහොර සහනාධාරය ලබා ගන්නා ලෙස පොල් වගාකරුවන්ගෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉල්ලා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි
Ramani perera Saturday, 22 March 2025 10:53 AM
කුඩා වතු හිමියන්ට ඉතා වටිනා අවස්ථාවක්...!
Rp කරුණාරත්න Monday, 24 March 2025 12:53 PM
හොඳයි