
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ අයවැය විවාද වල ආදායම වැඩි කරන මාර්ග ගැන ලොකු කතා කිව්වේ නැහැ.පොහොසත් රටක් ප්රතිපත්ති ප්රකාශයේ දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර ආදී දේ රැසක් සඳහා වැට් බදු බිංදුව කරන බව මැතිවරණයේදී පැවසුවා.මේවා අහලා ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නා.තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයටත් සීයට පහළොවක බද්දක් ගහලා.ආණ්ඩුවේ පොරොන්දු එකින් එක අද වන විට කැඩී ගිහින්. අද වනවිට මහ බැංකුව වෙනුවට බටලන්ද ගෙනත්. ඒක වෙන අතක යනවා.
ලක්ෂ 68ක් ටිකට් ගත්තේ සිංහබාහු බලන්න.නමුත් පෙන්නන්නෙ අන්දරේලා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලගෙ අන්දරේ නම් නියමෙට රඟනවා, පරාදවෙච්ච එක ගැන දුකට මොනව හරි කියනව, ඔය කියන අප්පුහාමිලගෙ කාලෙ අපි බැලුවෙ නරිබෑන ,ඕව අමතක නැහැ. අඩුමගානෙ රටේ සියලුම අංශවල හැදියාවක් වෙච්ච බවත් එය සාධනීය පැත්තට වෙන බවත් පාලක පන්තියේ දේශපාලඥයන් සම්පූර්ණයෙන්ම ජනතාකරනය වෙච්ච බව පිළිගන්න ඕන. මේ කෙඳිරිය පරණ ක්රමය ගෙනියන්න කවදාවත් ඉඩක් නොලැබෙන බව දන්න නිසා වෙන අඳෝනාව.
අන්දරේ? මේ මොනවාද මේ කියන්නේ..! හම්බවෙයි ලොක්කාගෙන්...!
එක පාරම සිංහබාහු බලන්න බෑනේ... ඒක හින්දා රටේ ජනතාව මුලින්ම අන්දරේ බලලා, පස්සේ සිංහබාහු බලයි. ඔයගොල්ලෝ ගමරාලත් එක්ක අලි නැට්ටේ එල්ලිලා දිව්යලෝකේ යන්නකෝ...
තමුන්ගේ නායකයාට ඒ මොකවත්ම බැරිබව පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා. අන්තෝජටා බහි ජටා...?
සමච්චලයට කීවා වුණාට උපහැරණය මුළුමනින්ම වැරැදියි. මෙයා නම් සිංහබාහු හරි, අන්දරේලා හරි දැකපු කෙනෙක් වෙන්න බැහැ...!
දැන් ඔහේට හරියන්නේ සිංහබාහුගේ තොප්පියද? නැතිනම් අන්දරේගේ තොප්පියද?පාර්ලිමේන්තු ආහාර වේලේ මිල අඩු කලොත් කොයි තොප්පියද දාගන්නෙත් කියලා කියන්නකෝ...!
සිංහබාහු බලන්න ඕනෑම නම් ජනාධිපති අනුර සහෝදරයගේ ඡායාරූපයක් දෙස බලන්න. අන්දරේ බලන්න ඕනෑම නම් විරුද්ධ පක්ෂ නායක දෙස බලන්න. අන්දරේ යනු අසීමිත හැකියාවන්ගෙන් පිරුණු මිනිසෙක්... ඒත් මේ විරුද්ධ පක්ෂනායත පූර්ව ළමා වියවත් සපුරපු නැති අයෙක්...
හරි හරි අපි ඒවා බලාගන්නම්, ඔහේ විපක්ෂෙ අනිත් බයියෝ ටිකත් එක්ක ගිහිං ‘මල්වඩම් අ(න)වශ්යයි’ බලන්න.
ඔයාලගෙ බොසා ‘දෙව්ලොව යනකං’ පෙන්නන්න ටිකට් විකුණලා අන්තිමට ගත්තු අයට බලන්න වුනේ ‘දෙයියෝ සාක්කි’….!
අනේ අපිට ඒ හොඳයි., අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට ‘ අලිබබා සහ හොරැ හතලිහ’ බලලා ඇතිවෙලා හිටියේ…!
තමුන්ලාගේ මහදැනමුත්තා ඉන්න පුටුවෙන් බැහැලා ගිහින් තමුන්ලා වගේ ගෝලයොත් එක්ක කරන්න බැහැ කියලා.
බේසමේ කිඹුල්ලු ඉන්නවද බලන්නේ නැතුව ඉන්න...