(විමුක්ති එස් රුද්‍රිගු)

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග පැමිණෙමින් තිබූ ගුවන් යානා 120 ක් පමණ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමටත්, අනෙකුත් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සහ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් පිටවීමට නියමිතව තිබූ ගුවන් යානා සියල්ලද අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදුලි උප පොළේ ඇතිවූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපොළ විදුලිය වරින්වර විසන්ධි වීම එළෙස ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
හීත්‍රෝ ගුවන් තොටුපොළ ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වන අහ්ටර සෑම තත්පර 45 කට වරක් ගුවන් යානයක් එම ගුවන් තොටුපොළට පැමිණීම හෝ පිටවීම සිදු කරයි. දිනකට ලක්ෂ 2 ක පමණ ජනතාවක් හීත්‍රෝ ගුවන් තොටුපොළ භාවිත කරයි. තවමත් විදුලිය ස්ථාවර ලැබෙන කාලයක් පැවැසීය නොහැකි බවත් ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් කිසිම මගියෙකු ගුවන් තොටුපොළට පැමිණීමෙන් වැළකිය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරෙක්වත්ද? විදුලි උප පොලක් කිව්වානේ...
වඳුරා ලන්ඩන් ගිහින් වගේ. පුදුමයි මේ වගේ ප්‍රධාන තැනක උපස්ථ පද්ධතීන් නැති එක.
උපස්ථ පද්ධති නැතුවා නොවේ. සිවිල් ගුවන් සේවා ප්‍රඥ්ඥප්තීන් වලට අනුව ඒවා අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. නමුත් ඕනෑම වෙලාවක පද්ධතීන් අකර්මණ්‍ය විය හැකියි. තවද පෙනෙන හැටියට ඉම්බැලන්ස් එකක් වගේ. (ඒ ගැන තොරතුරු සොයා බලන්න තමයි ඉන්නේ. එය බොහෝ වැදගත්). ප්‍රධාන පද්ධතියට අන් ජනනීය පද්ධතියන් එක් කිරීමේදී ඉතාමත් සැළකිය යුතුයි. එමෙන්ම එසේ සම්බන්ධ කර ඇති පද්ධතියක් අකර්මණ්‍ය වූ විට සංඛ්‍යාත පරාසය අනුමත පරාසයට වඩා වැඩි වූවොත් හෝ අඩු වූවොත් මධ්‍යම පාලනයෙන් ගිලිහිලා සැපයුම අඩාළ වෙනවා. එකම දේ ඒ පාලන පරාසය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි. ලංකාවේ වුනේත් ඒ ටිකමයි. නමුත් වඩා නවීන තාක්ෂණික උපකරණ තිබිලත් එංගලන්තේ වගේ රටකත් එය කන්ට්‍රෝල් කරන්න බැරි වීමයි පුදුමේ. එනිසා තමයි පුනර්ජනනීය බලශක්තීන් ප්‍රධාන සැපයුමට එක් කරන විට හරිම පින්පොයින්ට් ක්‍රියා මාර්ග ගත යුත්තේ...