IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඕන්නං පඩි වැඩි නොකර ඉන්නත් තිබුණා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම  තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රට ස්ථායිකරණ වැඩපිළිවෙළ අයවැයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා.එමෙන්ම දුප්පත් භාවය තුරන් කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට විසැඳුම් සෙවිය යුතුව තිබෙනවා.ආර්ථික ස්ථායීකරණය මෙන්ම සංවර්ධනය ඉලක්ක කර ගනිමින් අප කටයුතු කරනවා.

තිරසර ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් අපට අවශ්‍යයි.අවුරුදු දහයක ආර්ථික වෘද්ධිය විනාශ කර දමා තිබුණා.ඍන මට්ටමේ තිබූ ආර්ථික වෘද්ධිය කෙටි කාලයක් තුළ ධන 5.2ක් ලෙස ඉදිරියට ගන්න අපට හැකි වුණා.එමෙන්ම අප ඉතා සූක්‍ෂම ලෙස ණය කළමනාකරණය කරමින් සිටිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

ඕන්නං පඩි වැඩි නොකර ඉන්නත් තිබුණා

ගුණරත්න Friday, 21 March 2025 02:21 PM

මහාචාර්යතුමෝ, රනිල් ද ඔයගොල්ලොන්ගේ ආණ්ඩුවේ හිටපු ජනාධිපති? එහෙම නම් ඔය ආර්ථිකය ධන වුණු කතන්දරේ ඇත්ත, රනිල් ජනාධිපති වෙලා ගිය අවුරුද්දට සාපේක්ෂව 2024 අවුරුද්දේ වර්ධනය 7.8 ඇති විශාල වර්ධනයක් අරන් තියෙනවා. එක සුළු පටු දෙයක් නම් නෙවෙයි. ඒවා එහෙම පිළි අරගෙන ලැබිය යුත්තාට ඒ ගෞරවය දෙන්න ඕනෑ... තමුන්නාන්සේලා කියන ධන කතන්දරේ ලබන අවුරුද්දේ මුලදී බලමු.

:       19       71

Nilantha Saturday, 22 March 2025 06:58 AM

අදහස නිවැරැදියි. ඕනෑ නම් පඩිවැඩිකිරීම නොකර ඉන්න පුළුවන්කම තිබුණා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙබරයක්. ඕය අයවැය හිටපු ජනාධිපතිතුමා සකසා තිබුණු එකක් මිස මුන්දැලාම හදපු එකක් නොවෙයි කියලා ජනතාව දන්නවා...

:       0       0

බකල ජයා Friday, 21 March 2025 02:27 PM

ඒ කියන්නේ ඕන්නම් තව වැඩිකරන්නත් තිබුණාද වඳුරු සංගණන මහත්තයෝ?

:       10       49

යෝගා Friday, 21 March 2025 02:31 PM

ෂා, මාරයිනේ. මාස හයෙන් ඍණ ආර්ථිකය ධන කරලා. හලෝ, ජනතාව මෝඩයෝ කියලා හිතන්නේ බූරුවෝ පමණයි. තමුන් යමක් කරලා ලකුණු දාගන්නවා, අනුන්ගේ කලිසම් ඇඳගෙන රඟන්නේ නැතුව...

:       8       39

මැක්ස් Friday, 21 March 2025 03:07 PM

ඇත්ත වශයෙන්ම පඩි වැඩි කිරීම නොම්මර එකේ ඇස් බැන්දුමකි. එසේ වුවත්, දැන් ඔබගේ රජයේ සියලු මෝඩ ක්‍රියා සෝදා හරින්නට උත්සාහ කරන, විවිධ නම්වලින් පෙනී සිටින ඩෝබිවරුන් එය ද සාධාරණීකරණය කරනු ඇත...

:       14       40

Toni Friday, 21 March 2025 03:12 PM

ඕනෑනම් ඡන්දෙ නොදී ඉන්නත් තිබුණා.

:       8       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 751 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site