
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රට ස්ථායිකරණ වැඩපිළිවෙළ අයවැයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා.එමෙන්ම දුප්පත් භාවය තුරන් කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට විසැඳුම් සෙවිය යුතුව තිබෙනවා.ආර්ථික ස්ථායීකරණය මෙන්ම සංවර්ධනය ඉලක්ක කර ගනිමින් අප කටයුතු කරනවා.
තිරසර ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් අපට අවශ්‍යයි.අවුරුදු දහයක ආර්ථික වෘද්ධිය විනාශ කර දමා තිබුණා.ඍන මට්ටමේ තිබූ ආර්ථික වෘද්ධිය කෙටි කාලයක් තුළ ධන 5.2ක් ලෙස ඉදිරියට ගන්න අපට හැකි වුණා.එමෙන්ම අප ඉතා සූක්‍ෂම ලෙස ණය කළමනාකරණය කරමින් සිටිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමෝ, රනිල් ද ඔයගොල්ලොන්ගේ ආණ්ඩුවේ හිටපු ජනාධිපති? එහෙම නම් ඔය ආර්ථිකය ධන වුණු කතන්දරේ ඇත්ත, රනිල් ජනාධිපති වෙලා ගිය අවුරුද්දට සාපේක්ෂව 2024 අවුරුද්දේ වර්ධනය 7.8 ඇති විශාල වර්ධනයක් අරන් තියෙනවා. එක සුළු පටු දෙයක් නම් නෙවෙයි. ඒවා එහෙම පිළි අරගෙන ලැබිය යුත්තාට ඒ ගෞරවය දෙන්න ඕනෑ... තමුන්නාන්සේලා කියන ධන කතන්දරේ ලබන අවුරුද්දේ මුලදී බලමු.
ඒ කියන්නේ ඕන්නම් තව වැඩිකරන්නත් තිබුණාද වඳුරු සංගණන මහත්තයෝ?
ෂා, මාරයිනේ. මාස හයෙන් ඍණ ආර්ථිකය ධන කරලා. හලෝ, ජනතාව මෝඩයෝ කියලා හිතන්නේ බූරුවෝ පමණයි. තමුන් යමක් කරලා ලකුණු දාගන්නවා, අනුන්ගේ කලිසම් ඇඳගෙන රඟන්නේ නැතුව...
ඇත්ත වශයෙන්ම පඩි වැඩි කිරීම නොම්මර එකේ ඇස් බැන්දුමකි. එසේ වුවත්, දැන් ඔබගේ රජයේ සියලු මෝඩ ක්‍රියා සෝදා හරින්නට උත්සාහ කරන, විවිධ නම්වලින් පෙනී සිටින ඩෝබිවරුන් එය ද සාධාරණීකරණය කරනු ඇත...
ඕනෑනම් ඡන්දෙ නොදී ඉන්නත් තිබුණා.