මුලතිව්වලට ගොඩබට මියන්මාර් සරණාගතයින්ගේ අදෝනාව
අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි. එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය .