IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. 

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ  සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ජනාධිපතිවරයා  සඳහන් කළේය. 

එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.



අදහස් (2)

රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ

ravin Friday, 20 December 2024 05:50 PM

ඒ වුණාට පින්බතලගෙන් හරි හැටි වැඩ ගන්න... නැතිනම් අරයාගේ, මෙයාගේ හෙංචයියලා... කියලා වැඩ නොකර ඉඳීවි.

:       2       5

PGPTHILAK Friday, 20 December 2024 08:56 PM

දේසපාලුවන් හැමෝම තරඟෙට රාජ්‍ය සේවකයන් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට කප්පම් ගෙවමින් බලයේ රැඳී සිටිනවා. රට තව තවත් ණය කන්දේ හිරකරලා දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන්, ධීවරයින් අපනයන කර්මාන්ත වල සේවකයින් බිත්තියට හිරකරලා දේශපාලුවන් රජයේ සේවකයින් සමග කල්ලි ගැහිලා පහසුවෙන් ජීවත්වෙනවා රට වල පල්ලට යවනවා...!!!

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site