IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ.

ඩී. වී. චානක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයා වේ.

එම පක්ෂය ජාතික කැඳවුම්කරු ලෙස කටයුතුු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා  මහතා නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාරව පත් කළ බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක්

ජගත් ලියනගේ Friday, 20 December 2024 05:02 PM

කවුරු පත් කරත් වැඩක් නැහැ. “පොදු පෙරමුණ” කියන පක්ෂය, මලගමට ගිහිල්ලා ඉවරයි.

:       7       36

පිටිගල මිලානෝ Friday, 20 December 2024 07:16 PM

ජාතික කැඳවුම්කරු…? දැන් කැඳවන්න කවුද ඉතිරිවෙලා ඉන්නේ..? පුළුවන් නම් කපුටාව කැඳවලා දෙන්නකෝ... මේ නඩු ටික ඉක්මණට ඉවරයක් කරන්න…

:       3       11

ගමේ එකාලා Friday, 20 December 2024 08:52 PM

දූෂිත පවුල් පාලනේ අයගේ ළඟම නෑයෙක්?

:       3       17

ජිල්බු Friday, 20 December 2024 08:56 PM

බස් එලවන හාදයන්ට අපල කාලයක් එයි වගේ...

:       3       16

Nandalal de Silva - France Friday, 20 December 2024 11:02 PM

හිසේ ඇම්මට කොට්ටේ මාරුකරා වගේ වැඩක් මයිනා කරලා, "දැන් ඔබට ෂැපද" කියලාත් අහනවා ! ඔය පොහොට්ටුව දැන් මැලවී, කුණුවී ඉවරයි..!

:       2       6

sam Saturday, 21 December 2024 04:05 AM

රාජපක්ෂ වළන් හෝදන අය නේද මේ... මයිනන් කොහොමත් වෙනත් ගස්වල තියෙන බෙනවලට රිංගන එක සිරිතක්. ප්‍රධාන පක්ෂයක් වගේමයි.

:       0       0

වික්‍රමවිදුර Saturday, 21 December 2024 01:38 PM

ගව පට්ටියට අලුතෙන් ගවයෙක් පත්කරලා.. බේරෙ ඇලේ නාන්න..

:       2       2

විපරමා Saturday, 21 December 2024 05:36 PM

හොර පෙරකදෝරුවාට යන්ඩ වෙයි කියලා බය වෙලා...?

:       0       0

Perera Saturday, 21 December 2024 10:06 PM

හොර පෙරැක්කය ළඟින් ඉන්න සහචරයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site