
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානිහු සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ෂන් ගිහිපු නිලධාරින්ව ආපහු බඳවාගෙන, මහජනතාවගේ බදු මුදලින් පඩි, නඩි, දීමනා ගෙවාගෙන ඔවුන් ලවා කරවාගන්න රාජකාරි තමයි මේ. තව ටික දවසකින් මේවායේ ලියන අපේ පස්සෙනුත් පන්නයිද දන්නේ නෑ. අනේ අනිච්චං රටකට වුණු දෙයක්.
දේශපාලන වුවමනාවන් සහ පඳුරු පාක්කුඩම් වලට ලැදිව කුහකකම් කරන අයවලුන් කාර්ය මණ්ඩලයේ ඉන්නවා නම් වහාම ඔවුන්ව නීතිය හමුවට පමුණුවා වැරැදි නම් දඬුවම් දී ඔවුන් එම ස්ථානයෙන් පන්නා දැමිය යුතුයි. පිරිසිදු පාලන ක්‍රමයක් රටට අනිවාර්යයෙන් අවශ්‍යයි. එහෙම නැතිව රටට ඉදිරියට යන්න බැහැ.
අසෝක රංවලගේ කේස් එක එනකන් මෙයා මුකුත් දන්නේ නැහැනේ. හරිනම් මුලින්ම මෙය කරන්න ඕනේ ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් අහන එකනේ... ඒ මුකුත් නොකර කෙළින්ම cid ගිය අයගේ බලය පෙන්වන්නට. අන්තිමට අහිංසකයෙකුගේ බෙල්ල තමයි යන්නේ.
කතානායකයා පැන්නුවාට පස්සේ කට්ටිය මාරවිකලෙන් ඉන්නේ. මේ ඇමතිට පිස්සුද? රටේ වෙන ප්‍රශ්න නැද්ද?
ආණ්ඩුව මාසෙන් දෙකෙන් වැටෙයි කියලා බලාගෙන හිටියා, ඒක හරි ගියේ නැති තැන වහල් නිලධාරි කල්ලිය එක්ක එකතු වෙලා මඩ ගහන්න හදනවා. ඕවා සිල්ලර වැඩියි හලෝ...
ඔතැන නියෝජ්‍ය කෙනෙක් ඉන්නවා. එයාට මාස්ටර්ස් කරන්න ඕනෑ නිසා මයිනා එයාව ඇරියා ලංඩන් තානාපති කාර්යාලෙට. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඒ අයට කඹුර කඹුරා වැඩකරලා පාර්ලිමේන්තුවට පැනගත්තා. දැන් කාගේ පදේටද නඩන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ...
සේරම උගත්තු කියලා පෙන්නන්න හොර ආචාර්යකම් පටබැඳලා තියෙන්නේ පක්‍ෂය ඇතුලෙන්මයි කියලා හර්ෂණ නොදන්නවා නම් එයා බබෙක්.
ළදරුවො, කථානායක පැන්නුවද, නිහතමානීව ඉවත් වුණාද කියලා හදවතින් අහන්න. ඇමැතිට නෙවෙයි පිස්සු , කුණු හොයන විපක්ෂෙ අයටයි පිස්සු. පාර්ලිමේන්තුවේ ඉන්න බබාලා ළදරු වැඩ කරනවාට හොඳ තරවටුවක් මේ පරීක්ෂණය. සජිත්ගේ උපාධිය හැන්සාඩ් කරාම බලමු..
මාළිමා ආණ්ඩුව නිසා තමා දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් බොහොමයක් එළියට ආවේ. කතානායකයාගේ ප්‍රස්නේ මතු කෙරුවෙත් විපක්ෂයේ දූෂිත දේසපාලුවෝම තමයි.. දැන් ඔවුන්ට කාගෙන ඉන්න බැරුව ඇති. වහලුන්ටත් රිදිලා....
හර්ෂණ සූරියප්පෙරුමයි, හර්ෂණ නානායක්කාරවයි පටලවාගෙන වෙච්චි වැඩක් ඔය. වෙන දෙයක් නෙවෙයි.
ආචාර්ය සෙනවිරත්න සහ අපුල්ලන්නෝ.. හොඳට වැඩ. ලියන එක වචනයකින් ඔවුන් කරන දේ මනාව පැහැදිලි වේ.. හිරිකිතයි හලෝ..