IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා

(සුමිත් පොතුපිටිය)

කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත  පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද සනස මාවතේ පදිංචිව සිටී බත්තරමුල්ල ගමගේ අමිත් ප්‍රියදර්ශන නමැති 36 හැවිරිදි  දෙදරු පියෙකු බව පොලිසිය කීය.

පුද්ගලයෙකු නිවසක් තුල අභිරහස් අන්දමින් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී නිවසේ සාලයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර හමුව තිබේ.

ඝාතනයට ලක්ව ඇති තැනැත්තාගේ පපුවේ සහ උදර ප්‍රදේශයේ ගැඹුරු තුවල පහරවල් දක්නට ලැබුන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවද පොලිසිය පවසයි .

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති .



අදහස් (1)

තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා

m. saman perera Saturday, 21 December 2024 11:58 AM

මිනිස්සු හරි දරුණු විදිහට තිරිසන් වෙලා මිනීමරණ හැටි....

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site