
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස මාර්ගයට කඩා වැටීමේ අවදානම් තත්වයේ පිහිටා ඇති අනතුරුදායක ගස් අද (20) කපා ඉවත් කිරීමට කටයුතු සිදු කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා පවසයි .
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි විශාල ගස්කොළන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීම් කීපයක් සිදු වූ බවත්, ඉදිරි දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වන තද වැසි සමග රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි අනතුරුදායක විශාල ගස්කොළන් මෙසේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ ඇති නිසාවෙන් මෙලෙස මාර්ගයට අනතුරුදායක තත්වයේ ඇති ගස්කොළන් කපා ඉවත් කිරිමට පියවර ගත් බවද හෙතෙම කීය.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඇල්ල පොලිසිය, ප්‍රාදේශීය සභාව, වනජීවි කාර්යාලය, මාර්ග සංවර්ධන අධීකාරිය, දැව සංස්ථාව, ටෙලිකොම් යන ආයතන එක්වී මෙම කටයුතු සිදු කරන බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල - වැල්ලවාය පාරේ අනතුරුදායක ගස් ඉවත්කරයි
Bunny Preena Friday, 20 December 2024 02:58 PM
මේ උනන්දුව ලංකාවේ තියන සිඟිති පාසල් අවට ඇති අනතුරු දායක ගස් කපලා දාන්න හොඳයි කියලයි මට හිතෙන්නේ.