IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත්

(රෝෂන් තුෂාර)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය සැප්තැම්බර් 02 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත මහේස්ත්‍රාත් නිල මැදිරියේදී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියකු ලබාදුන් තොරතුරු ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු කරන බවට කරුණු ඉදිරිපත් කර ඇති රහස් පොලිසිය එම පොලිස් නිලධාරියා රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති බව සඳහන් කර ඇත .

ජනාධිපති අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරුක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ඒකක අංක හතර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් දිසානායක මහත්මිය මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය .

 



අදහස් (1)

ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත්

pj Monday, 23 December 2024 08:01 AM

රටට වන අනතුර වළක්වා ගැනීමට තිබූ මහගු අවස්ථාවක්.....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site