දරු දුක උසුලන තල්මස් මවක් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 January 2025
වෙහෙරගල ජලාශය වාන් දොරටු විවර කරයි වෙහෙරගල ජලාශයේ ජල ධාරිතාව උපරිමය දක්වා පිරී ඇති හෙයින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා මැණික් ගඟ ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන්ට ප්‍රවේශම් වන ලෙසත්, ගඟ පරිහරණය කිරීමෙන් සහ දියණෑමෙන් වලකින ලෙසත් ගඟ පහල පදිංචිකරුවන් ගෙන් සහ වන්දනා බැතිමතුන් ගෙන් ජලාශය භාර වාරි ඉංජිනේරු කේ.එච්.එන්.සහන් කුමාර මහතා කාරුණික ඉල්ලීමක් කරයි. 03 January 2025
විශ්වවිද්‍යාල ගැටළු කඩිනම් විසඳිය යුතුයි විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 03 January 2025
’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’ නව රජය පත්වීමෙන් පසු තානාපති සහ මහා කොමසාරිස් කාර්යාල කීපයකට සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම නිසා කාර්යාල කීපයකම පුරප්පාඩු ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. නමුත් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු පත්කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. 03 January 2025
පුංචි ඡන්දය අප්‍රේල් පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 03 January 2025
රවීන්ද්‍ර නවමුණිට ඇප කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත් අඩංගුවට පත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද(03) නියෝග කළේය. 03 January 2025
’’මාධ්‍ය නිදහසට අත තියන් නෑ’’ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස මාධ්‍ය නිදහසට අත තැබීමට සූදානමක් නැති නමුත් යම් අයෙකු තම ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් ද්වෙශ සහගත සහ අසත්‍ය පුවත් පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට කටයුතු කළහොත් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම දැනට සිදු නොකරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03)පැවසීය 03 January 2025
විමල් CIDයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය හමුවේ අද (3) පෙනී සිටියේය. 03 January 2025
අනාරක්ෂිත විදුලි රැහැනේ පැටලුනු අලියා කොටස් කර ළිඳකට දමලා වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අනාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති අතර එම අලියා කොටස්වලට කපා ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අාරම්භ කොට අැති බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 03 January 2025
කර්මාන්තශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටී 2ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 January 2025
වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍ය වසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) දා අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරිහු පැවැසුහ. 03 January 2025
මැතිසබා සේවකයන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්? නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති. 03 January 2025
රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් වර්තමාන රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් ලෙස සළකමින් විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් දෙන බවත් පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් කිරීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 03 January 2025
රනිල් නව වසරේ වැඩ අරඹයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3)නව වසරේ වැඩ ඇරැඹීය. 03 January 2025
චීනයේ තවත් කොරෝනා වයිරසයක් ‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි. 03 January 2025
ප්‍රමාද වී ඇති රියැදුරු බලපත් මාසයක් ඇතුලත මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය. 03 January 2025
හෙට විදුලි ගාස්තු උපදේශන හමු දෙකක් මාතර සහ කුරුණෑගලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධ මහජන අදහස් විමසීමේ දකුණ සහ වයඹ පළාත් උපදේශන හමු හෙට (04)වන දා පැවැත්වේ. 03 January 2025
උණ්ඩ 12ක් -මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට යුරෝපයේ සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අයත් ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමග කඩවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 03 January 2025
යෝෂිත සී අයි ඩී යට හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය. 03 January 2025
මිල්ලනිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි . 03 January 2025
එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 03 January 2025
තලතා එජාප මහලේකම් ධුරයට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ. 03 January 2025
මැණිකක් හොයන්න නිවෙසෙ කැණීම් කරලා අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිධන් ලබා ගැනිමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 03 January 2025
ආචාර්යවරු 35 කගෙන් සරසවියට කෝටි 16 ක පොල්ලක් කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි. 03 January 2025
විදෙස් දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(3)පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ 03 January 2025
පැරණි පොලිස් මූලස්ථානයේ සි සි ටී වි- ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන් කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි. 03 January 2025
‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘ ’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය. 03 January 2025
පවතින වැස්සේ අඩු වීමක් උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 January 2025
නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින් ජානමය අනුපිළිවෙල හඳුනාගැනීම පිළිබඳ වැඩමුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ දී පසුගියදා (2) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 02 January 2025
උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත කදවුරැ නොපවත්වා කුඨ ලේඛණ ඉදිරිපත් කරමින් රැපියල් ලක්ෂ හයකට අධික මුදලක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව උතුරැ මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විනය පරික්ෂණයක් ආරම්භ කළේය. 02 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026