IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ඉරාන නායකයාගෙන් තර්ජනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය කොන්දේසි විරහිතව යටත්විය යුතු බවට ප්‍රකාශ කරද්දී ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි කරමින් ඉරාන හමුදාව ප්‍රථම වතාවට ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කරමින් අද (18) ඊශ්‍රායලයට පහර දුන්නේය.

එසේම වත්මන් ප්‍රවණතාවන් සමග ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ යුද්ධය ආරම්භ වන්නේ දැන් බවය.

ඊශ්‍රායලයට පහර දීම සඳහා ෆාටා 1 - හයිපර්සොනික් බැලස්ටික් මිසයිල භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් එය ඊශ්‍රායල - ඉරාන අර්බුදය නව අදියරකට ගෙනගිය බවත් පැවැසෙයි.

ඉරාන හමුදාව ඊයේ(18) අදියර දෙකකින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් ඉන් ටෙල් අවිව් නගරයේ ස්ථාන කීපයක පිපිරීම් වාර්තා වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

ෆාටා 1 මිසයිලයට ගුවනේදී ගමන් පථය වෙනස් කිරීමේ හැකියාව තිබෙන අතර ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධති මගහැර යාමේ හැකියාවද එම මිසයිලයට පවතී.

ඉරාන - ඊශ්‍රායල අර්බුදයේ 6 වැනි දිනය වූ ඊයේ(18)දාද ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් ගුවන්, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ගත්තේය.

ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකාව ඊශ්‍රායලයේ එකතු වුවහොත් මැද පෙරදිග තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දීමට ඉරානය මිසයිල සහ අවි සූදානම් කරමින් සිටින බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එසේම උඩු ගුවනේ සිට ගුවන් යානාවලට ඉන්ධන සැපයිය හැකි ගුවන් යානා 36 ක් පමණ යුරෝපය වෙත යවා තිබෙන බවත් එම ගුවන් යානා මැද පෙරදිග තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ආරක්ෂා කිරීම සඳහා ගුවනේ සිට ගුවනේ සිට ගුවන් යානාවලට ඉන්ධන සපයනු ඇති බවත් එම පුවත්පත සඳහන් කළේය.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව තීරණය කළහොත් එම ප්‍රහාරක යානා වලටද මෙම ගුවන් යානා ඉන්ධන සපයනු ඇති බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඉරාන - ඊශ්‍රායල අර්බුදය පිළිබඳව යාවත්කාලීන කිරීමක් ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ ඉරානය පසුගිය 13 වැනිදා සිට මේ දක්වා මිසයිල 400 කට වඩා වැඩි ප්‍රමාණයකින් සහ ඩ්‍රෝන සිය ගණනකින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇති බවත් එම ප්‍රහාරයන් ප්‍රදේශ 40 කට පමණ එල්ල වී ඇති බවත්ය.

ඉරානය එල්ල කළ එම ප්‍රහාරයන්ගෙන් හානි වූ බව පවසමින් වන්දි ලබා ගැනීම සඳහා පැමිණිලි 19,000 ක් පමණ ලැබී තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පැවැසුවේය. ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් 24 දෙනකු මියගොස් තවත් 800 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය. එසේම තවත් ඊශ්‍රායල ජාතිකයන් 3800 ක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙන බවද එම කාර්යාලය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් ඊයේ(18) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගිය 13 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයේ ඉලක්ක 1100 ට පමණ පහරදී තිබෙන බවත් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම සඳහා ක්‍රමානුකූලව පහර දෙමින් සිටින බවත්ය.

ඉරාන - ඊශ්‍රායල අර්බුදය හමුවේ විදේශයන්හි සිරවී සිටින ඊශ්‍රායලය ජාතිකයන් 100,000 කට ආසන්න පිරිසක් නැවත ගේනවා ගැනීමේ මෙහෙයුම යටතේ සිරවී සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ(18) බෙන් ගුරියර් ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. චීනය ඊයේ(18) දින වනවිට ඉරානයේ සිටි චීන ජාතිකයන් 800 ක් මුදාගෙන තිබූ අතර තවත් 1000 මුදා ගැනීමට සූදානම් බවට නිවේදනය කර තිබිණි.

එසේම ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් එරට වැසියන් 585 ක් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයන් 1326 ක් තුවාල ලබා ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය ඊයේ(18) දිනද ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන සහ හමුදා ඉලක්කවලට ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඒ සඳහා ප්‍රහාරක ජෙට් යානා 50 ක් පමණ ඊශ්‍රායල හමුදාව භාවිත කර තිබිණි.

ඉරානයේ කමන්ෂා ගුවන් කඳවුරේ තිබූ ඒ.එච් - 1 හෙලිකොප්ටර් යානා 5 ක් බෝම්බ දමා විනාශ කළ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. ඉරාන - ඊශ්‍රායල අර්බුදය තවත් දැඩි වීමත් සමග ඉරාන උත්තරීතර නායකයා ඊයේ(18) ජනතාව රූපවාහිනිය ඔස්සේ ඇමැතීමට නියමිතව තිබිණි.



අදහස් (9)

ඉරාන නායකයාගෙන් තර්ජනයක්

Nickon Wednesday, 18 June 2025 05:41 PM

කමේනිට ගොක්කොල පෙනී ඇත.

:       35       27

NANDEWednesday, 18 June 2025 06:22 PM

ඔය ටොයිලට් හෝදන කෙනෙක් නේද?

:       10       13

randil dunuwilleThursday, 19 June 2025 08:55 AM

කැමෙනිට විතරක් නොවෙයි, ට්‍රම්ප් මහල්ලටත් බෙන්ජමින් මහල්ලටත් මරණය ලඟ ලඟ පෙනෙනවා.

:       2       5

saman Wednesday, 18 June 2025 06:12 PM

සත්‍යය ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. ඊශ්‍රායල් ජනාධිපති පිටරටක ඉන්නේ කියන එක ඇයි මේ ගොල්ලෝ දන්නේ නැත්තේ... ඒ වගේම ඊශ්‍රායලය නැති වෙන්නයි යන්නේ. ලංකාවේ කට්ටිය ඉක්මණට ලංකාවට කැඳවා ගන්න.

:       20       20

Neel Wednesday, 18 June 2025 07:37 PM

යුද්ධය දරුණු උවහොත් මුලු ලෝකෙටම ගොක්කොල පේන්න පුළුවන් නේද ?..

:       0       0

Nihal Wednesday, 18 June 2025 08:00 PM

ජර්මනිය හැර බටහිර රටවල ඊශ්‍රායල්වරුන් ඉන්නවා අපේ අය ඔවුන්ගේ ආපනශාලවක උනත් වැඩකට යන්නේ දෙගිඩියාවෙන්,අවිශ්වාසයෙන් නියමිත වැටුප ගෙවන්නේ නැ,මාස දෙකක් වැඩ අරං එකක ගෙවනවා එක්කෝ ගෙවන්නෙම නෑ,ඔවුන් කරන්නෙම කපටි කෛරාටිකම දේවල් ඒ හින්දම වෙන්න ඇති ඔවුන්ට හිතට සැනසිල්ලක් ඇත්තෙම නෑ...

:       0       0

Nandalal de Silva - France Wednesday, 18 June 2025 09:14 PM

බයතුල්ලා අදහන දෙයියෝ කිව්වාද දන්නෙ නැහැ, න්‍යෂ්ටික බොම්බ හොර රහසේ හදලා, ගහලා, මුළු මානව සංහතියම මහ පොළොවෙන් අතුගා දමන්න කියා! ඊට පස්සෙ මම, උඹලා සියළු දෙනාම මගේ ස්වර්ගයට ගෙන්වා ගනිමි. මිනීමරු දෙයියෝ ලොව පහළ වෙලාත් නැත, පහළ වන්නෙත් නෑත.... ඉරානය වැනි රටවල් වල මෙවැනි ම්ලෙච්ච, කාලකන්නි, මිනීමරු ත්‍රස්තවාදී බයතුල්ලා වරු දුසිම් ගනනින් නිතර පහල වෙනවා... මූ සිය ජාතිය බිල්ලට දෙමින්, මීටර් ගණනක් මහ පොළොව යට අධි ආරක්ෂිත බංකරයක, ඌරු මීයෙක් වගේ ජනතාවගේ මරණ සහතික කුරුටු ගෑවත්, මුගේ ලිපිනය, ඇඩ්‍රස් එක නිශ්චිත වශයෙන්ම ට්‍රම්ප් ගෙ අතෙ තිබෙන බව මූ අමතක නොකල යුතු වෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ තමන්ගෙම මරණ සහතිකය ලියා යවන එක විතරයි.... පව්... අනේ... පව් ! මෙ සාතන්ගේ බය කොතරම්ද කියන්න වචන නැහැ. ඌ

:       0       0

fairoos Thursday, 19 June 2025 11:36 AM

යුද්ධය නැවතුණේ නැතිනම් ලංකාව වගේ පොඩි රටවල්වලට තමයි ගොඩක් බලපාන්නේ...!

:       0       2

prasanna Friday, 20 June 2025 01:19 PM

අපේ රටේ අයට බය වෙන්න උවමනාවක් කොහෙත්ම නෑ ආණ්ඩුව කරන්නේ ආර්ථීක ඔස්තාර්ලා නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 98 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site