අදත් තැනින් තැනට පොඩි වැසි නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2025
රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 06 January 2025
දුම්රියක් කළුතර දි පිලිපනී කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 06 January 2025
පොලිසියේ අඩුපාඩුවලට නීතිපති තදින් පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු නොකරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 06 January 2025
පාස්පෝට් යළි අර්බුදයක ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. 06 January 2025
සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණ හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණු හෝ ඇතිව මෙම රෝහලට උපකාර කළේ නැතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවැසීය. 05 January 2025
ඇමෙරිකාවේ විස මීදුමක් ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ මාධ්‍ය පවසයි. 05 January 2025
විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක් ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය 05 January 2025
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 January 2025
බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ. 05 January 2025
නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (05) නියෝග කළේය. 05 January 2025
රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප්තියක් ඇති බවත් බැංකු පොලියෙන් ජීවත් වන වැඩිහිටියන් ආණ්ඩුවේ බදු සෙල්ලම නිසා ජීවත් වෙන්න බැරි තත්වයකට පත්ව ඇති බවත් ජනඅරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. 05 January 2025
ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 January 2025
පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ. 05 January 2025
කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 05 January 2025
බස්වලින් රතු එළියක් ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති අද (5) පස්වරුවේ පවසති. 05 January 2025
සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙන් රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව කියන කලවංචිකුඩි මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 05 January 2025
ජොන්ටි ශ්‍රී ලංකාව ඉහළින් ඔසොවා තබයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොකළේය. 05 January 2025
සුගතදාස වහල ගරා වැටෙද්දී සල්ලි වලින් ජෝගි දාලා ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 05 January 2025
තේ කූඩය සමග කුඩයකුත් තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 05 January 2025
ගල් කොරි වලින් කෝටි පහක පොල්ලක් රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල අය කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 January 2025
පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක් පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. 05 January 2025
ජනපති අපේක්ෂක තව පහකට එන සතියේ නඩු වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 05 January 2025
දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය. 05 January 2025
පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 05 January 2025
’’ අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’ ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 January 2025
ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. 05 January 2025
දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 January 2025
රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක් මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි. 05 January 2025
පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අැතැයි වවුනියාව පොලිසිය කියයි. 05 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026