උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව අද (6) පස්වරුවේ සිට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 06 January 2025
විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල් 450 ක් අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව තිබෙන්නේ යැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට ජාතික වෘත්තිය, ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා අද (6) පැමිණිළි කළේය. 06 January 2025
වැඩබලන බස්නායක නිළමේ පනත ප්‍රකාරව පත්කළා පනත ප්‍රකාරව සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා අද (6) පැවසීය. 06 January 2025
පළමුවෙන්ම පොරොන්දු වූ පරිදි වංචා - දූෂණ ‘ක්ලීන්’ කරන්න ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩියෙන් ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටි 300 ක් වැඩිපුර ගෙවීම පිළිබඳ ප්රශ්නය ‘ක්ලීන්’ කළ යුතු බවත් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (6) පැවසීය. 06 January 2025
අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහුණු පොත) ප්‍රචාරය කිරීම වලක්වාලමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ නිලධාරියකු ඇතුළු සිව් දෙනෙකුට කොන්දෙසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06) නිකුත් කළාය. 06 January 2025
’’පිනකල් ’’ සම්මාන උලළේ දී ලංකාදීපය බැබළෙයි ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ. 06 January 2025
මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ක්ෂණික දුරකථන අංකයක් කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 011 2356 444 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දුන්නේය. 06 January 2025
මහජන අපේක්ෂා බිඳ දාන්න ඉඩ දෙන්නෙ නෑ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (6)පැවසීය. 06 January 2025
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත. 06 January 2025
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ඉක්මනින් හදන්න දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්රජාතන්ත්රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සකස් කළ යුතුව ඇතැයි කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ. 06 January 2025
නිරෝධායන නීති කඩකළැයි චෝදනාවලින් ස්ටාලින් අතුළු 34ක් නිදහස් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී, නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි කියන ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළේය. 06 January 2025
ඖෂධ නියාමන අධිකාරිය ඇමතිගේ හදිසි නිරීක්ෂණයට ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 January 2025
වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය පාසල් උපකරණ ප්රදානය කළේය. 06 January 2025
සුව සැරිය අලුත් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත. 06 January 2025
මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 06 January 2025
ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි. 06 January 2025
වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්වීමෙන් කළ දැවැන්ත පාඩුව පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (6) පැමිණිල්ලක් බාරදුන්නේය. 06 January 2025
දෙමෝදරදී දුම්රියක් පිලී පනි උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද (06) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 06 January 2025
සජිත් මැණික් ප්‍රදර්ශනය බලන්න යයි 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය. 06 January 2025
අල්ලස් ගත්තැයි කියන බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී යළි රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයෙකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 17 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (27) නියෝග කළාය. 06 January 2025
හාල් ගන්න පෝලිමේ අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය. 06 January 2025
අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස්, බස් රථයක දොළොස් හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව රාජාංගනය පොලිසිය පවසයි. 06 January 2025
රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් සමූහය ඉටුකිරීමට සමදෙනා දායකවියයුතු බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය. 06 January 2025
රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය. 06 January 2025
ඇළට වැටී සිඟිත්ත්තා මරුට මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 January 2025
කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 06 January 2025
පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි 06 January 2025
අදත් තැනින් තැනට පොඩි වැසි නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2025
රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 06 January 2025
දුම්රියක් කළුතර දි පිලිපනී කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 06 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026