(ගයාන් සූරිය ආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)
වැලි ප්‍රවාහනය කරන ආයතනයකින් රුපියල් 25,000 අල්ලසක් ලගත් බව කියන අම්පාර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී එම අල්ලස් මුදල් ලබා ගැනීමට යාමේදී මෙම සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කළ පැමිණිල්ලකටට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. වැලි ප්‍රවාහන කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ රාජකාරිය වාහාම තහනම් කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අල්ලස් ගත්ත සැරයන්වරු මාට්ටු
Niranga Saturday, 21 June 2025 09:23 PM
මීගමුව ඉස්පිරිතාලේ ඉන්න පොලිසියේ අය මිනියක් නිදහස් කරන්න සල්ලි ගන්නවා. කටාන පොලිසියේ ඉන්නේ හදිසි මරණ පරීක්ෂණයක් කරන්න එන අයත් සල්ලි ඉල්ලනවා.