
(සුජිත් හේවාජුලිගේ)
සමහරුන් දක්ෂිණා අධිවේගේ මාර්ගයේ අන්තර් හුවමාරු ඉදි කළේ තමන්ගේ ගෙවල්වලට යෑමට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස කෙරුණු කටයුතු ගොඩක් තියෙනවා. එම මාර්ගයටම තියෙන්නේ එකම එක විවේක ප්‍රදේශයයි. ඒ මුළු ප්‍රදේශයම අවුරුදු අනූ නවයටම බදු දීල තියෙන්නේ රුපියල් දහදාහකට. රාජපක්ෂල තමයි මේවා කළේ. අපිට අද බණ කියනවා. සමහර අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල් වලට යන්න හදලා තියෙනවා. වෙන් කරපු නම් කරපු විවේක කලාප හදන්න රාජපක්ෂවරුන්ගේ ගෝල බාල නිලධාරීන් ඉඩ දුන්නේ නෑ. මේකට බිලියන ගණනාවක් නාස්ති කරලා තියෙනවා. නාස්තිකාර වියදම් අපේ සැලසුම් වල නැහැ.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමහරු ගෙවල්වලට යන්න අන්තර් හුවමාරු හදලා
Harimanis Friday, 20 June 2025 05:23 PM
කන්ටේනර් 323 මතකද බිමලෝ? නුඹලාගේ රෙද්ද අස්සෙ නයි , පොළොංගු පිරිල මේ ටික කාලෙට . තාමත් මහින්දගේ රෙද්ද කතා කරලා වැඩක් නැ බන්.
වලේසුදා Friday, 20 June 2025 05:32 PM
අධිවේගී මාර්ග හැදුවේ මහින්ද මහතාට මී කිරි ගේන්න මිසක ඕවා කන්න ද කියලා පචෝර ප්‍රසාදිනී අහනකොට මී පැටව් මේ වගේ කිචි බිචියක් දාන එක ගැන කවුරුත් කලබලවිය යුතු නෑ.
ගුණරත්න Friday, 20 June 2025 05:43 PM
අන්තර් හුවමාරු හෙවත් එක්සිට් නැති හයිවේ එකක් ලෝකේ කොහෙද තියෙන්නේ? උඩින් ගිහින් උඩින්ම එලියට යනවා වෙන්ටැ
prasanna Friday, 20 June 2025 05:59 PM
කට ඇරියොත් කියන්නේ හරක් කතාවක්. හම්බන්තොට වරාය හැදුවේ නැව් (නෞකා) මැදමුළනට ගෙනියන්න කියලා හෙට කියාවි . නොමේරූ දරු උපත් 159 දියවන්නෙන් වාර්තා වෙයි.
යෝගා Friday, 20 June 2025 06:39 PM
ඒ හදපු පාරවල් හැමෝටම විවෘතයි. පන්නපු කන්ටේනර් 323 හොර ආදායම කීපදෙනෙක් අතරේ පමණයි. එහෙම නේද?
Shantha Friday, 20 June 2025 07:00 PM
හැබැයි ඒක නම් ඇත්ත. මමත් මේකෙ කීප සැරයක් ගියා...