IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කලින් සබේ මන්ත්‍රීලාත් වත්කම් පෙන්නන්න ඕනෑ

(සුජිත් හේවාජුලිගේ )

මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද  වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ  විධිවිධාන  අනුව   එසේ කටයුතු කළ යුතු  බවද  හෙතෙම සඳහන් කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට පැවති දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය මේ මස 30 වැනිදාට ප්‍රථම ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුවේ.

ඉන් පසු එම වත්කම් බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාවට නොපමාව යොමු කරනු  ලැබිය යුතුවේ.

නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන්  දැඩි  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති බවයි.



අදහස් (0)

කලින් සබේ මන්ත්‍රීලාත් වත්කම් පෙන්නන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site