IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිසබේ සේවක කෑම බිල බස්සයි

 

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව අද (20)  තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද  අඩු කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල  මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙයයි.

නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින්  එහි සේවකයෝ  පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.



අදහස් (9)

මැතිසබේ සේවක කෑම බිල බස්සයි

Nandalal de Silva - France Friday, 20 June 2025 08:15 PM

මෙයාලගේ වැඩත් මාරයි... හිටපු ගොඨාභය නිතරම "රිවස් ගියර්" දැම්මා වගේ තමා මෙයාලත්...! අඩියක් පෙරට, අඩි දෙක තුනක් ආපස්සට. කොහොම වුණත්, බඩගිනි හමුදාවට සොච්චම් සෙතක් හරි ලැබුණු එක නරකත් නැහැ...!

:       0       1

රුදු දෙමටගොඩ Friday, 20 June 2025 09:15 PM

නිලධාරීන්ගෙන් රු.1000/= ක් අඩු කරනකොට, සාමාන්‍ය සේවකයින්ගෙන් රුපියල් 500/= ක්...., ජනතාවාදී ආණ්ඩුවකදි හරි නම් ඕකේ අනිත්පැත්ත නේද වෙන්න ඕනේ..., එතැනත් ලොකු මිනිහාට ලොකු හැන්දෙන්, පොඩි මිනිහට පොඩි නෙමෙයි.. පොඩි සහ කැඩිච්චි හැන්දකින් බෙදලා තියෙන්නේ. අඩුම තරමේ සමානව 25% අඩුකළා නම් සාමාන්‍ය සේවකයාගෙන් රු. 625/= ක් අඩු වෙන්න ඕනේ...

:       0       0

PGPTHILAK Friday, 20 June 2025 09:58 PM

හැම ආණ්ඩුවක්ම වෘත්තීය සමිති මාපියාවට බයයි..! මෙයට ප්‍රධාන හේතුව විපක්ෂ කණ්ඩායම් ඔවුන් එක්ක කල්ලි ගැහිලා ආණ්ඩු දුර්වල කරන්න. මහජන අභිලාෂයන් යටපත් කරනවා...! රට බංකොළොත් වෙන්නත් බං, කොලොත් වෙලා හොම්බෙන් යන රට එක තැන පල්වෙන්නත් මේක ප්‍රධාන හේතුවක්...! අපි අහන්නේ ලක්ෂ ගණන් පඩි දීමනා ගන්න උන් දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන් ධීවරයින් කම්කරුවන් උඩ බර පටවලා. පිනට කන්න ලැජ්ජා නැද්ද? කියන එකයි!

:       0       0

sunil Friday, 20 June 2025 10:39 PM

බලන කොට, පාර්ලිමේන්තු සේවකයින් හිඟන තත්ත්වයට වැටිලනේ. ඔවුන්ට මසකට කෑම සඳහා රුපියල් 2500ක් වත් ගෙවන්න බැහැනේ...

:       0       0

රනිල් Friday, 20 June 2025 10:54 PM

හරිනේ ඉතින්, පොලීසියේ අයයි, මාධ්‍යවේදියෝයි කන මිල වෙනස් නොකර සේවකයින්ගේ විතරක් වැඩි කරපු එක අසාධාරණයි...!

:       0       0

ගුණරත්න Friday, 20 June 2025 11:57 PM

දවසකට රුපියල් 100 කෑම බිලක් ගෙවාගන්න බැරි පාර්ලිමේන්තු සේවකයෝ!

:       0       0

Amila Saturday, 21 June 2025 08:34 AM

ගෙදරින් කෑම ගේන්න කියන්න... අපි වගේ.

:       0       1

Lalla Saturday, 21 June 2025 10:30 AM

ඒ කෑම මිල දරාගන්න බැරි නම් සාමාන්‍ය ජනතාව කොහොමද ඔය වගේ තුන් ගුණයක් පමණ වූ වෙලඳ පොලේ කෑම මිල දරාගන්නේ...? වරප්‍රසාද ඇති අය සියල්ල ලබාගන්න එක තාම වෙනස් වෙලා නෑ නේද?

:       1       8

prasanna Sunday, 22 June 2025 06:17 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ කෑම ගැන විතරයි මේ අය හොයන්නේ... ජනතාව ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. අපි හිතාගෙන සිටියේ තඹුත්තේගම සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක් කියලා. දැන් තමයි දන්නේ එයත් තඹුත්තේගම වලව් කාරයෙක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site