
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තල්ලුවක් දෙන ඇප නැතිව ණය දෙන වැඩසටහන රජය දැන් ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේද කීය.
වසර විස්සකට වඩා පැරණි යල් පැන ගිය අණ පනත් වලට අදාලව මේ සංශෝධනය කරනවා.මුද්දර බද්ධ දැනටමත් අය කරනවා.දැනට අය කරන්නේ රුපියල් දාහකට රුපියල් දහයයි. එම ගාස්තුව රුපියල් දාහකට රුපියල් 20ක් දක්වා වැඩි කරනවා.රජයට අවශ්‍ය ආදායම් උපයාගන්න පුරවැසියාට බර පටවන්න මෙවැනි දේ කරනවාද කියා හිතෙන්න පුළුවන්.මේ අණ පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය එක පියවරක් ලෙස මේ තීරණය ගන්නවා.මේ මුද්දර බද්ධ අය කරනු ලබන්නේ නිශ්චල දේපල සඳහායි.මේ අය කර ගන්න බදු මුදල් මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභා වලට ලබා දෙනවා.නිවැරදි අණ පනත් සංශෝධනය කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු කළේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද ගන්න ඇහැකි කියුවොත් කදිමයි. නැත්නම් තවත් බොනිකර තරුවක්.
අපේ මිනිස්සුන්ට ඔහොම දුන්නාම, ගොඩක් වෙලාවට, ඇපත් නෑ, දුන්නු ණයත් නෑ. 77න් පස්සේ රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය යටතේ ඔහොම දුන්නු ගොඩක් ණය, අදටත් අයකර නොගත්තු බොල්ණය විතරමයි. ඒක හින්දා, නිසි ක්‍රමවේදයක් නැතිව ණය දෙන්න එපා. මොකද අන්තිමට බොල්ණය වෙන්නේත් රටේ ජනතාවගේ බදුමුදල්ම තමයි...
මෙන්න තවත් පචයන්ගේ ගල් පැලෙන කෙබරයෙක්
ලගම තිබෙන හොස්පිටල් එකට යන්න ...ඩොක්ට කියයී මොකක්ද ලෙඩේ කියලා , කාලයක් බෙහෙත් ගන්න වෙයි
ලස්සන කතාව. මුද්දර ගාස්තු සහ වැට් ගෙවන්න ගියාම ගෙයක් ඉඩමක් තමන්ගේ නමට ලියාගන්න මනුස්සයෙකුට වෙනම ණයක් ගන්න වෙනවා. ඇප නැතිව ණය නම් ලැබෙයි මේං කියලා. උගණ්ඩාවෙ සල්ලි ගෙනාවට පස්සෙ ගන්න පුලුවන් වෙයි. ලොණ්ඩරි මල්ලිලා කලබල වෙන්න අවශ්‍ය නෑ.
මාත් ගන්නවා ඔය ණය. මේ ගොන් හැත්ත ණය අයකරගන්නා ක්‍රමයක් නැතිව ඇපයක් නැතිව ණය දෙන්න යනවා. ඒවා ආපසු අයකරගන්නා ක්‍රමය මොකක්ද? ගෙවන්න බැහැ කිව්වොත් මොකද වෙන්නේ? ණය යොදවා කල ව්‍යාපාරය බංකොලොත් කිව්වොත් මොකක්ද ණය කොටසක් හෝ අයකරගන්න වෙන්දේසියේ දාන්නේ? මොකක්වත් නැහැ! මුන් කඩයක්වත් කරලා නැති හම්පඩ කොමියුනිස්ට් ආර්ථිකය කියවපු උන් නිසා මේවා යස අපූරු යෝජනා කියල හිතනවා ඇති
හොඳයි...
ඔය වැඩේම මහින්ද රාජපක්ෂ රජය කළා. රාජ්‍ය බැංකු ඇප නැතිව හිරවුණා... අපේ බොහෝ ජනතාව වංක අදහස් පිරුණු අය. ණය පරිභෝජන කටයුතුවලට යොදාගෙන ගෙවීම් පැහැර හරිනවා. ඒක නතර කරන්න ක්‍රියාමාර්ග ඕනෑ...
ස්වයං රැකියාවක් සඳහා ණය මුදලක් ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් සහ විස්තර දැනගැනීමට කැමැතියි...
ඇප නැතිව ණය දෙන්න පෙර සලකා බැලිය යුතු කරුණු රාශියක් තියනවා. එයින් ප්‍රධාන එකක් ව්‍යවසායකයින්ට සුදුසු වෙළෙඳපලක් සාදා දීම ඒ වගේම ඇපයක් නැතිව ණයක් දෙන්න තරම් අපේ රටේ පුරවැසියන්ගේ විනය උසස් මට්ටමක තාම නැහැ...
හොඳයි...!
හොඳයි... !
මගේ ලීසින් එකක් තිබුණා එක කොරොනා කාලේ ගෙවා ගන්න අපහසු වුණ වාහනේ අදාළ ආයතනයට බාර දුන්නා... ගෙවීමට තිබෙන මුදලුත් ගෙවලා ඉවර කරා.. මගේ නම ක්‍රිබ් එකට වැටිලා තියෙන්නේ එක අයින් කරගන්න විදිහක් දන්න කෙනෙක් කියනවාද පුලුවන්නම්...!
බැංකු වලට දෙයියන්ගේ පිහිටයි තැන්පත් කරුවන් ට ...අනේ මන්දා