(රෝෂන් තුෂාර)
සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි.
රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් සැකකාරිය ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඹුක්වැල්ල පවුලට රක්ෂිත බන්ධනාගාරය හරියට තමන්ගේම සුවිසල් මන්දිරය වගේ වෙලා! ඇතුළට යනවා, පසුව පිටවෙනවා. සමහර දාට පිහිටට නෑදෑයින් වත් නැහැ. මෙහෙම කරුම ජීවිත .... පව්... අනේ... පව් !
හ්ම්ම් හොදයි. කෙහෙලිය කරපු ජඩ, කාලකන්නි වැඩ නිසා එයාගේ දරුවොත් අද හිරවෙලා. තාත්තා දෙයක් දරුවෝ ඒක කරනවා. විශේෂයෙන් දුවලා තාත්තාගේ වචනේ ගන්නවා. ඒත් මේ තාත්තා ඒවා හම්බකලේ මිනිස් ජීවිත බිල්ලට දීලා. අද වන්දි ගෙවන්නේ දරුවෝ. තරුණ කාන්තාවක් සිරගත්වීම ඉතාම සන්වේදී සිදුවීමක්. චමිද්‍රි මම අහලා තියන විදියට කොලිෆයිඩ් කෙනෙක්. විදේශ සේවයට යන්න චමිද්‍රිට සුදුසුකම් තිබ්බා. තාත්තාගේ උදව් ලැබෙන්න ඇති. ඒත් චමිද්‍රි කොලිෆයිඩ් තරුනියක්. මම එයා දන්නෙත් නෑ දැකලත් නැ.. ඒත් ඇයගේ හැකියාව අවතක්සේරු කල නොහැකි එකක්. මෙලෝ දෙයක් කරගන්න බැරි නමට ආචාර්ය අයට වඩා චමිද්‍රි උගත්.
ඇති යාන්තං, මං මේ ඊයේ ඉඳන් බන්ධනාගාරයටයි, මහේස්ත්‍රාත් අධිකරණයටයි, කකුල් කඩිත්තුව හැදෙනකල් ගාටනවා මගේ ඇපේ හරි තියලා අපේ ගෙදර එක්කං යන්න.