
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
කිරින්ද ධීවර වරායෙන් පසුගිය දහසය වැනිදා රාත්‍රී 8 ට පමණ මුහුදට ගිය එක් දින යාත්‍රාවක් ධීවරයෙන් තිදෙනා සමග අතුරුදන්ව ඇති බව කිරිඳ පොලිසිය සඳහන් කළේය.
පසු දින උදෑසන යළි වෙරළට පැමිණීමට නියමිතව තිබූ මෙම යාත්‍රාව සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු තොරතුරක් සොයාගෙන නැති බව කිරිඳ ධීවර පරීක්ෂකවරයෙක්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.
යාත්‍රාවේ බඳෙහි නයිල් මැරීන් ලෙස සඳහන් කර ඇති අතුරුදන් වූ යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්වීමට පෙර කිරින්ද නාවික හමුදා වෙරළ ආරක්ෂක කඳවුරේ සටහන් තබා ගොස් ඇති අතර 428 වේ පොයින්ට් දක්වා දැල්ලන් ඇල්ලීමට පිටත්ව ගොස් ඇති බව යාත්‍රාවේ හිමිකරු නිලාම් මුදීන් න්‍යෂ්තීන්සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd