
(අංජුල මහික වීරරත්න)
සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
එහි මූලික සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
ණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත. ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, ත්‍රිරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටු වන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දීම ආදිය මෙන්ම, එයින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම අරමුණු කෙරේ.
මීට අමතරව, මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීමද අපේක්ෂා කරයි.
ජනාධිපති අතිරේක ලේකම් (ඉංජිනේරු) එස්.පී.සී. සුගීෂ්වර මහතාද, මුදල් අමාත්‍යංශය, නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, උතුරු පළාත් සභාව, සබරගමුව පළාත් සභාව, සංචාරක පොලීසිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ වෘත්තීය සමිතිය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය, ජාතික ටැක්සි ඇප් රියදුරන්ගේ එකමුතුව, සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය, ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ සම්මේලනය යන සංගම්වල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට බදුමුදල් නස්තිකරන්න එපා. දැඩි නීති-රීති පද්ධතියක් ස්ථාපිත කරලා, සැවොටම එකවිදිහට ඉතා තදින් ක්‍රියාත්මක කරන්න. බබා උකුං පාට් අපේ රටේ මිනිස්සුන්ට කවමදාකවත් හරි ගිහිල්ලත් නෑ. ඉදිරියට හරි යන්නෙත් නෑ.
ඔවුන්ටද වැදගත් කමක් දී , පාරිභෝගිකයන් ටද වැදගත් අයුරින් සලකන විදිහ කියා දී එය නැවත නැවත සිහි ගැන්විය යුතුයි වසර කීපයක් යනතුරු. නැත්නම් එයාලා හැමනොටම සලකන්නෙ තමන්ගෙ මිම්මෙන්.
උණ පුරුක් සෑහෙන්න අවශ්‍ය වෙයි. ඉතා හොඳ අදහසක්... අවුරුද්දක් පාසා තියෙනවා නම් වඩා ගුණාත්මක සේවාවක් ගන්න පුළුවන් වෙයි.
ඕක හරිගියොත් බස්නාහිරින් ඉර පායයි.
මාලිමාව අසාර්ථක වෙන එකම ප්‍රොජෙක්ට් එක.
මකවලා හැදුවත් බෑ, මොල බද්ධ කරන්න වෙයි.
ඔය ඔක්කොම කරන්න කලින් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සියල්ලටම ටැක්සි මීටර් සවි කරන්න ,
මුලු ලංකාවේම මේ ත්‍රිරෝද එලවන අය විශේෂ පරීක්ෂාවකට ලක් කර නේවාසික විනය හා නීතිගරුක බව දැඩිව කියා දීම රටේ ඉදිරි දියුණුවට අනිවාර්යයෙන් කළ යුතුයි..
ත්‍රීවිල් තොරොම්බල් කඩ නොකිරීම, සෙටප් වල කන පැලෙන සද්ද නොදැමීම, ත්‍රිවිල් ඇතුලේ ඩිස්කෝ ලයිට් , සැරසිලි නොදැමීම ..පිළිවෙලකට පිරිසිදු ඇදුම් ඇදීම , මේවා තමා වෙන්න ඔන..ප්‍රයිවට් බස් කාරයන්ටත් මේවා පුරුදු කරන්න
පලමුව ත්‍රී රෝද රථ පාක්වල බීමත්ව ඉන්න රියදුරන් අල්ලාගෙන ඉන්න. ඊළඟට මීටරය අනිවාර්ය කර ඉතිරි දේවල් ගැන හිතන්න.....බල්ලන් ගස්වලට කකුල් උස්සන පුරුද්ද නැතිකරන්න පුලුවන්ද?
ගැරඬියා යන්න වගේ වෙට්ටු දදා, සක්ක ගගහා, පිස්සන් වගේ ට්‍රැක් මාරු කර කර, මනුස්සයෙක් අත ඉස්සුව ගමන් පාර මැද්දේ හරි නවත්තන ගතිය අයින් කරන්න පුළුවනි නම් ඒ ටිකම ඇති...
අර අඅවිස්සාවේල්ලේ උක්වත්ත හංදියේ ඉන්න සෙට් එකටත් කොහොම හරි උගන්වන්න.....මෙලෝ රහක් නෑ.....
ත්‍රිරෝද රථ සමඟ ලංකාවේ පහත් උප-සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. හෘද සාක්ෂියට එකඟව කාටවත් ඒක නැහැ කියන්න බැහැ . ඔවුන්ට ගුණාත්මක සේවයක් ලබාදෙන හැටි , කතා කරන හැටි, සහ මාර්ග නීති පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදිය යුතුයි. අනික සාධාරණ අයකිරීම් කරන්න නීති ගෙන ආ යුතුයි . මේවා බැරිනම් ලංකාවෙන් ත්‍රීරෝද රථ සම්පූර්ණයෙන්ම අයින් කල යුතුයි
අනිත් වැදගත් ම කාරණේ තමයි ත්‍රීවීල් පාක් වල ඉන්න උන් අහලින් පහලින් යන ගෑනුළමයින්ට කාන්ත්වන්ට විසිල් ගහන එක උසුලුවිසුලු කරන එක නැවැත්වීම.