IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ  එතුමිය  නීතිය හමුවට ගේන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"පාලකයෝ එනව යනවා.කොමසාරිස් තුමිය ඒක මතක තියා ගන්න.ජනතා මතය කියන්නේ ගලේ කොටපු දේවල් නොවේ.දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණත් කඩේ යන්න එපා.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරපු ලේකම්වරු අද ඉන්නේ කොහෙද?දේශපාලන නායකයන්ගේ අතකොලු වූ රාජ්‍ය සේවකයන්ට අන්තිමට හිරේ ළඟින්න සිදුවුණා යැයි මුජිබුර් රහුමාන් මහතා කීය.



අදහස් (16)

බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

Nalin Wanisekara Wednesday, 18 June 2025 02:56 PM

රහස් චන්දයක් තියල උඹලට ගන්න පුලුවන් උනේ චන්ද 54 නෙ. යකෝ 60ක් අස්සන් කරල තිබ්බනම් ඇයි ඒ 60 දෙනා චන්දෙ දුන්නෙ නැත්තෙ. උඹලගෙ පක්ශෙ උන්ම දන්නව උඹලගෙ උන්ට දීල වැඩක් නෑ කියල ඒකයි ඔය ප්‍රශ්න වලට මුල.

:       6       83

කව්ද බෝයි Wednesday, 18 June 2025 02:58 PM

ඇයි කවදාහරි? බැරිද මේ දැම්ම පැමිණිල්ලක් දාල, නීති මගින් කටයුතු කරන්න. එහෙමත් නැත්නම් ඔහෙලත් එක්ක ඉන්න, කවමදාකවත් උසාවියේ පස් නොපාගපු නීතීඥ සෙට් එක ලව්වා අදම නඩුවක් ෆයිල් කරමු.

:       2       72

Lucky Wednesday, 18 June 2025 02:58 PM

ඉතින් මනුස්සයෝ කොමසාරිස් වැඩ කරපු විදිය වැරදි නම්, තැන තැන නහයෙන් අඬ අඬ කියව කියව ඉන්නෙ නැතුව උසාවියේ නඩුවක් ෆයිල් කරනවා. උසාවිය තීරණය කරයි කොමසාරිස් වැඩ කරපු විදිය හරිද වැරදිද කියලා.

:       2       80

Rashmi Wednesday, 18 June 2025 03:00 PM

කොමසාරිස්තුමිය වැඩ කරපු විදිය වැරැදි නම්, ඕනෑම කෙනෙක්ට පුළුවන් ඒ ගැන අධිකරණයේ නඩු පවරන්න. එහෙම කරන්නේ නැතුව තැන තැන කියව කියව හිටියා කියලා කිසි වැඩක් වෙන්නේ නෑ.

:       0       46

Pankumburage Wednesday, 18 June 2025 03:09 PM

මුන්ට දැන් රෙද්දේ ගිහිල්ලා ඉන්නේ... පව්...!

:       1       40

අරවින්ද මොණරවිල Wednesday, 18 June 2025 03:47 PM

මුජිබර් ගේ බොරු කයිය විතරයි,

:       1       41

Ruwan R Wednesday, 18 June 2025 03:52 PM

දැන් නීතිය ක්‍රියාත්මක වෙන විදිහ හරි කියලා කියන ගමන් කවදා හෝ ගේනවා කියලා මෙයා කරන්නේ තර්ජනයක්. වගකිව යුත්තෝ ඇස් ඇරේවා.

:       1       44

Charith Wednesday, 18 June 2025 04:15 PM

පව් පොඩි එකා. PM පට්ටම අයින් කරල නගරාධිපති කමට යන්න හැදුවේ ඒ තරම් රසයක් නගරාධිපති පට්ටමේ තියෙන නිසා වෙන්න ඇතිනේ පහුගිය කාලේ. කයිය ගහනව වැඩ නැ

:       0       0

රටවැසියා Wednesday, 18 June 2025 04:17 PM

පුනරුදය හදන්න ආපු කට්ටිය, තිබුන දේශපාලන මඩවගුරේ බැහැ ගෙන මඩ නානව! ආණ්ඩුවේ මගෝඩි දේශපාලන වැඩ නිසා බිම් මට්ටමින් බොහෝ දෙනා කල කිරෙමින් ඈත් වෙනව, අලුතෙන් බලය ගන්න ඉස්සර වෙලා තිබෙන බලයෙන් රටට යමක් කරන්න උත්සාහ ගන්න. මුලින්ම මේ තිබෙන දේශපාලන සංස්කෘතිය‍ වෙනස් කරන්න බලන්න!

:       0       0

Abandoned stone castle Wednesday, 18 June 2025 04:23 PM

වැලිකඩ ගියාම කරන්න දෙයකුත් නැහැනේ ... එතකොට ටිකක් මොලේ කල්පනාකරපන්.

:       0       0

Kamal Koyrala Wednesday, 18 June 2025 04:48 PM

කුල්ල කුජීතයි මුජිබර් මාෆියාව , කොළන්නත් එහෙමයි . නමුත් කාර් මරික් පට්ට හැපී ලූ මුජිබර්ට වෙච්ච දේට

:       0       0

ravin Wednesday, 18 June 2025 04:54 PM

හරි අපරාධයක් නේද වුණේ. කරන හොර මැරකම් ටික එළිවෙලා කූඩුවේ ලගින්න වෙයි වගේ නේද? 

:       2       20

ලක්විදු Wednesday, 18 June 2025 06:25 PM

ඒ කියන්නේ මෙයාලාගේ ආණ්ඩු නීතියට බලපෑම් කරනවා කියලානේ...

:       1       20

Piyal weerasinghe Wednesday, 18 June 2025 08:16 PM

ඔයත් ඔහොම ඉන්න පොඩ්ඩක් ජම්පරේ ඇඳගෙන වැලිකඩ බත් පෝලිම් වල ඉන්න.

:       2       17

රුවන් Thursday, 19 June 2025 07:52 AM

අරංචි විදියට ප්‍රබල විපක්ෂය දෙදරලාලු. හෙට අනිද්දා දින්න සභා ටිකත් පුපුරයි වගේ...

:       0       0

Perera Thursday, 19 June 2025 10:37 AM

මුජාබරියෝ මතක තියාගන්න සත් භාවෙන් නොකරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නැති බව

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 545 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site